On SINHALAYA WORLDWIDE®
 
Welcome, Guest. Please login or register.
Did you miss your activation email?
September 08, 2010, 07:40:13 AM
Home Sinhala Chat Base Local News Web Hosting Sinhalaya National Forum Fun City Creations
Home Help Search Login Register

Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities  |  OPEN DISCUSSIONS - විවෘත සංවාද  |  3rd Floor (Moderators: WEBMASTER®, GURU-G)  |  Topic: බටහිර වටලෑමට කෙසේ මුහුණ දෙමුද? 0 Members and 1 Guest are viewing this topic. « previous next »
Pages: [1] Go Down Print
Author Topic: බටහිර වටලෑමට කෙසේ මුහුණ දෙමුද?  (Read 242 times)
WEBMASTER®
Administrator
LokuMadduma
*****
Offline Offline

Gender: Male
Posts: 752


My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,


WWW
« on: July 17, 2010, 09:54:45 PM »

ඇමරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිට දුරකථන ඇමතුමක්‌ ලබාදුන්නේ කොටින්ට එරෙහිව දියත් කර ඇති යුද්ධය නවතා වහාම සටන් විරාමයක්‌ ප්‍රකාශ කරන ලෙසයි. නමුත් ජනාධිපතිතුමා එය සූක්‍ෂම ලෙස මග හැරියේය. ඉන් පසු බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ විදේශ ඇමැතිවරුන් වන මිලිබෑන්ඩ් සහ කුෂ්නර් ජෝඩු දමා ලංකාවට ආවේ සටන් විරාමයක්‌ ලබාගැනීමට අපේ ආණ්‌ඩුවට සාමූහිකව බලපෑම් කිරීමටය. අවසානයේදී මානුෂික මෙහෙයුම පිළිබඳ දේශන කිහිපයකට සවන් දී හිස්‌ අතින් ගෙදර යැමට ඔවුන්ට සිදුවිය.

ලංකාණ්‌ඩුවේ මෙම අමුතු හැසිරීම බටහිර බලවත්හු විස්‌මයට පත් කළහ. ඉතිහාසය පුරා ඔවුන් ලංකාව දැක්‌කේ තමන්ට කීකරු රටක්‌ ලෙසය. එමෙන්ම වෙනත් කිසිම දුප්පත් පුංචි රටක්‌ බටහිරින් ලැබෙන අණ නොතකා සිටීමට තරම් එඩිතර වන්නේ නැත. බටහිරයෝ අවසානයේදී සිය අවසාන තුරුම්පුව ද යොදා ගත්හ. එA නමින් ජගත් සංවිධානයේ ප්‍රධානියා නමුත් ක්‍රියාවෙන් බටහිර රූකඩයක්‌ වන බෑන් කී මූන් ලංකාවට එවීමයි. ඔහුගේ ලංකා ගමන ප්‍රතික්‍ෂේප කළ නොහැකි හෙයින් ජනාධිපතිතුමන් උපායශීලීව වහාම ජෝර්දානයේ පැවැති සමුළුවකට සහභාගිවීමට යොදා ගනිමින් මූන්ගේ පැමිණීම පමා කළේය. මූන් ලංකාවට පැමිණෙන විට කොටි ත්‍රස්‌තවාදය සහමුලින්ම අවසන් කර හමාර හෙයින් ඔහුට සටන් විරාමයක්‌ පිළිබඳ සාකච්ඡා කිරීම නිශ්ඵල විය.

ලංකාවේ මෙම එඩිතරකම සහ උපායශීලීත්වය හමුවේ ලෝක ප්‍රජාව ඉදිරියේ එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන නිශේධ බලය හිමි ලෝක බලවත්තු ලැඡ්ජාවට පත්වූහ. අනෙකුත් තෙවන ලොව රටවල් ද ලංකාව ආදර්ශයට ගෙන තමන්ගේ අණ නොතකා සිටියොත් ලෝකය තම ග්‍රහණයෙන් මිදෙන බව මෙම බලවත්හු තේරුම් ගත්හ. දැන් බටහිර රටවල් උත්සාහ ගන්නේ තෙවන ලෝකයේ අනිත් රවලට උණ ගැනෙන මට්‌ටමේ පාඩමක්‌ ලංකාවට කියා දීමටයි. එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ බටහිරයන්ට ඉරිසියාවක්‌ ද ඇත. තලේබාන් දඩයමට යෑයි කියමින් ඔවුන් ඇෆ්ගනිස්‌තානය ආක්‍රමණය කළේ 2001 නොවැම්බර් 07 වැනි දිනයි. ලොව සුපිරිම තාක්‍ෂණය, අසීමිත සම්පත් සහ දැවැන්තම හමුදා හිමි ඇමරිකානු නායකත්වයෙන් ඇෆ්ගනිස්‌තානය ආක්‍රමණය කළ හමුදාවන්ට අද එය කොටි වලිගයක්‌ වී ඇත. වසර නවයක්‌ පුරා තලේබාන් ත්‍රස්‌තවාදය තලා ගැනීමට බටහිර බලවතුන් අසමත් වී ඇත. ලංකාවේ තත්ත්වය ඊට වෙනස්‌ය. තලේබාන්ලාට නොමැති ගුවන් යානා, සබ්බැරීන, කාලතුවක්‌කු, යුද ටැංකි වැනි සියලුම පහසුකම් කොටින්ට තිබිණි. ඔවුන් ලොව ප්‍රබලතම ත්‍රස්‌තවාදී සංවිධානයයි. නමුත් දුප්පත් පුංචි ලංකාවේ රණවිරුවන්ට ප්‍රබලතම ත්‍රස්‌තවාදය මිහිපිටින් අතු ගෑමට ගියේ තෙවසරකටත් වඩා අඩු කාලයකි. එබැවින් බටහිරයන්ට ලංකාව පිළිබඳ පැහැදිලිවම ඉරිසියාවක්‌ ඇත. ඔවුන් යුද අපරාධ චෝදනා ගෙන එමින් අපේ යුද ජය හෑල්ලු කරන්නේ ඇෆ්ගනිස්‌තාන පරාජය වසා ගැනීමටයි.

ඉරිසියාව සහ කේන්තිය විසින් පොළඹවන බටහිරයන්ගේ මෙම දැවැන්ත වටලෑමට ලංකාව මුහුණදීමට නම් හැඟීම්බර වෙනවාට වඩා උපායශීලී විය යුතුය. හුදෙක්‌ ලංකාව විරෝධය පළ කළ පමණින් බෑන් කී මූන් සිය උපදේශක කමිටුව හකුලා ගනු ඇතැයි සිතන්නේ නම් අප සිටින්නේ මුළාවකයි. සාමාජික රටවල් 192 ක්‌ සිටිනා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාව යනු එක්‌ රටක්‌ පමණි. එබැවින් බෑන් කී මූන්ට පීඩනයක්‌ එල්ල කිරීම සඳහා නිශේධ බලය හිමි බලවතකු සමගින් රටවල් 97 කගේ සහය ලංකාවට ලබාගත යුතුය. එවිට මූන් සිය උපදේශක මණ්‌ඩලය හකුලා නොගත්තොත් ඔහුගේ දෙවන ධුර කාල සිහිනය බොඳ කරන බවට අපට තර්ජනය කිරීමට හැකි වනු ඇත.

මූන්ගේ පළමු ධුර කාලය 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බැවින් නව ලේකම්වරයකු තෝරා ගැනීම ලබන ජුනි මාසයේ ඇරැඹේ. ඉදිරි වසර පහට මූන්ට ලේකම් ධුරය ලැබීමට නම් ආරක්‍ෂක මණ්‌ඩලයෙන් නිර්දේශ කර ඔහුගේ නම මහ මණ්‌ඩලය විසින් සරල බහුතරයෙන් අනුමත කළ යුතුය. ඔහුට එරෙහිව පංච මහ බලවතෙක්‌ නිශේධ බලය පාවිච්චි කරයි නම් ඔහුගේ නම මහ මණ්‌ඩලයට නිර්දේශ නොකෙරේ. බෲටස්‌ බෲටස්‌ ගාලිට දෙවන වාරයත්, කොෆි අන්නන්ට තෙවන වාරයත් අහිමි වුණේ ඇමරිකාව ඔවුන්ට එරෙහි වුණු බැවිනි. මෙහිදී උපදේශක කමිටුව හකුළා නොගත්තොත් චීනය සහ රුසියාව මූන්ට එරෙහිව නිශේධ බලය පාවිච්චි කරන බවට ප්‍රකාශ කළොත් එකී කමිටුව හකුළුවා ගැනීමට මූන් පෙළඹෙනු ඇත. එසේ නොකළහොත් ආරක්‍ෂක මණ්‌ඩලයේ දී සිය ලේකම් සිහිනය අවසන් වන බැව් මූන් හොඳින් දනියි.

හුදෙක්‌ චීනය සහ රුසියාව මතම නොරැඳී ආරක්‍ෂක මණ්‌ඩලය විසින් මූන්ව නිර්දේශ කළොත් මහ මණ්‌ඩලයේ දී ඔහුව පරාජය කිරීමට අවශ්‍ය රටවල් 97 ක සහය ලබාගැනීමට ද අප සූදානම් විය යුතුය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ දැනට පංච මහ බලවතුන්ට අයත් නැති හෙට ලෝකයේ බලවතුන් වන ඉන්දියාව සහ බ්‍රසීලය දිනා ගැනීමයි. එවිට බ්‍රික්‌ රටවල් ලෙස හැඳින්වෙන අනාගත ලෝක බලවතුන් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් හතරම අපේ පිලේ වනු ඇත. මීළඟට අනිකුත් රටවලට බලපෑම් කළ හැකි බටහිර ගැති නැති කලාපීය බලවතුන් හඳුනාගත යුතුය. ඒ අනුව ලතින් ඇමරිකාවෙන් ආජන්ටිනාව, වෙනිසියුලාව, කියුබාව සහ උරුගුවේ ද අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ ඊජිප්තුව ද අරාබියෙන් ඉරානය සහ සෞදි අරාබිය ද ආසියාවෙන් ජපානය, ඉන්දුනීසියාව සහ යුක්‌රේනය ද අපට දිනා ගැනීමට උත්සුක විය යුතුය.

අපි ඊළඟට දිනාගත යුත්තේ බටහිර අතකොළු වී නැති ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානයි. එහිලා නොබැඳි සමුළුව අතිශයින්ම තීරණාත්මකය. එක්‌සත් ජාතීන්ගේ සාමාජිකයන් 192 අතුරෙන් 110 ක්‌ම නොබැඳි සමුළුවේ සාමාජිකයන්ය. එබැවින් නොබැඳි සමුළුව දිනාගත හැකි නම් එයින්ම රටවල් 97 ක ඉලක්‌කය සපිරේ. ඒ සඳහා සමුළුවේ වත්මන් නායකත්වය උසුලන ඊජිප්තුව මෙන්ම එහි බලවතුන් ද දිනාගත යුතුය. එමෙන්ම සාක්‌, ආසියාන්, අරාබි සංගමය, අප්‍රිකානු සහයෝගිතා සංවිධානය සහ ජී15 වැනි විවිධ කලාපීය සහ සහයෝගිතා සංවිධාන දිනා ගැනීමට ද අප උත්සුක විය යුතුය. මෙම රටවල් බෑන් කී මූන්ට එරෙහිව නැගී සිටිය යුත්තේ ඔවුන් අපට හිතවත් හෙයින් නොවේ. අපේ සටන සාධාරණ හෙයිනි. සැබවින්ම ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු නොවුණු හෙයිනි. මේ සඳහා උද්වේගකර සටන් පාඨයන්ට වඩා සාධක සහිත කරුණු දැක්‌වීම් වැදගත් වේ.

රණවිරුවෝ යුද වැදුනු අයුරු බෑන් කී මූන් නොදැක්‌කත් අපි හොඳින් දැක්‌කෙමු. වේගයෙන් ඉදිරියට ඇදුනු රණවිරුවෝ අවසාන මාස දෙක තුළ කොටි බිම් අත්පත් කරගත්තේ හැල්මේ ගමන් කරමිනි. එමෙන්ම අවසාන සති හය තුළ බර අවි භාවිතය ද සිදු නොවිණි. ඒ කොටි අත්අඩංගුවේ තබාගෙන මිනිස්‌ පලිහක්‌ සේ යොදාගත් සාමාන්‍ය ජනතාව රැකගැනීම සඳහාය. සාමාන්‍ය ජනතාව පිළිබඳ රණවිරුවන් උනන්දු නොවී නම් සිය ජීවිත රැකගෙන ගුවන් ප්‍රහාර සහ බර අවි ප්‍රහාරවලින් ත්‍රස්‌තවාදීන් වැනසීමට හැකියාව තිබිණි. එසේ නොකර සාමාන්‍ය ජනතාව බේරා ගැනීමට යැමෙන් සමහර රණවිරුවන්ට අත් පා වලින් මෙන්ම ජීවිතයෙන් ද වන්දි ගෙවීමට සිදුවිය. යුද සමයේ අප දුටුවේ කුඩා සිඟිත්තන් සුරතල් කරනා යුද හමුදා සෙබළියන්ය. වයසක සීයලා කර තබාගෙන එන යුද හමුදා සෙබළුන්ය. ආච්චිලාට පැන් පොවනා නාවික සෙබළියන්ය. රණවිරුවන් සාමාන්‍ය ජනතාව ඝාතනය කරන බවට චෝදනාවක්‌ කිසිම මාධ්‍යයකින් වාර්තා නොවිණි. එවැනි දෙයක්‌ සිදුවුණේ නම් කැමරා සහිත සැටලයිට්‌ දුරකතනවලින් සන්නද්ධ වූ කොටින්ට එය ලොව පුරා පැතිරවීමට ගත වන්නේ විනාඩි කිහිපයක්‌ පමණි. මේ කරුණු දන්නේ අප පමණි. එබැවින් අපි මේ කරුණු ලොවට පැවසිය යුතු වෙමු.

සාක්‍ෂි සහිතව මෙම පණිවිඩය රැගත් ජනාධිපතිතුමන්ගේ විශේෂ දූත මණ්‌ඩලය ඉහතින් දැක්‌වූ සෑම රටකම ආණ්‌ඩු හමුවීමට යෑවිය යුතුය. ඊට සමගාමීව ජාත්‍යන්තර මාධ්‍ය දිනා ගැනීමේ මෙහෙයුමක්‌ ද බටහිර රටවලට බලපෑම් කරන මෙහෙයුමක්‌ ද වහා ඇරඹිය යුතුය. මෙහිලා ලක්‍ෂ පහළොවක්‌ ඉක්‌මවා සිටින විදෙස්‌ගත ලාංකික ප්‍රජාවට දැවැන්ත කාර්යභාරයක්‌ කිරීමට හැකිවනු ඇත. සියලු භේද පසෙකලා මෙම වැඩපිළිවෙළ සමග සමස්‌ත ජාතියම එකමුතු වුණොත් බෑන් කී මූන්ගේ පරාජය ඉර පායනවා සේම විශ්වාසය.

උදය ප්‍රභාත් ගම්මන්පිල



(divaina 17/07/2010)
Logged

How can i kill a man when he committed to suicide?
Pages: [1] Go Up Print 
Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities  |  OPEN DISCUSSIONS - විවෘත සංවාද  |  3rd Floor (Moderators: WEBMASTER®, GURU-G)  |  Topic: බටහිර වටලෑමට කෙසේ මුහුණ දෙමුද? « previous next »
Jump to:  


Login with username, password and session length

  Share This Page With Your Facebook Profile..!


sinhalaya, songs, poems, jokes, lanka, sl, sinhala, sindu, articles, books, novels, reading, writing, education, colombo, general, school, chat, sinhalachat, kasukusu, mp3, srilanka
 

keep in touch with us via
The Official Facebook Group Of SINHALAYA News Agency The Official Twitter Page Of SINHALAYA News Agency The Official YouTube Channel Of SINHALAYA News Agency

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.11 | SMF © 2006-2009, Simple Machines LLC Valid XHTML 1.0! Valid CSS!
Page created in 0.066 seconds with 20 queries.