Home » Posts tagged with » විකිලීක්ස්

ශ්‍රී ලංකා හමුදාවන් කල “පිළිගත හැකි” යුද අපරාධ සහ එල්.ටී.ටී.ඊ.ය කල “පිළිගත නොහැකි” යුද අපරාධ..!

පැට්‍රීෂියා බුටේනිස් තානාපතිවරියට අනුව අපරාධ වර්ග දෙකක් තිබෙන බව පෙනේ. ඒ ජාත්‍යන්තරව පිළිගත හැකි සහ පිළිගත නොහැකි යනුවෙනි. පහත දැක්වෙන්නේ කොළඹ වෙසෙන ඇමරිකානු තානාපතිවරිය විසින් තමන්ගේ තවත් රහසිගත කේබල් පණිවුඩයක ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රකාශ කරන තවත් විකෘති චිත්‍රයකි.

2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුනු ජනාධිපතිවරණයට ආසන්න කාලයකදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති පැට්‍රීෂියා බුටෙනිස් විසින් තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ රහසිගත කේබල් පණිවුඩයක ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි ඇමෙරිකාව ප්‍රමුඛ ත්‍රස්ත හිතවාදී රටවල් විසින් චෝදනා කරන යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාවේ අවධානය මඳ යැයි ද මෙම යුද අපරාධ සඳහා ශ්‍රී ලංකා ජනාධිපති, ඔහුගේ සහෝදරයින් සහ එවකට ජනරාල් සරත් ෆොන්සේකා වගකිවයුතු යැයි සෘජුවම චෝදනා කරන්නීය.

Continue reading …

ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ජන ජීවිතය විනාශ කරමින් සිදු කල සැබෑ යුද අපරාධ පිළිබඳව කිසිදු තැකීමක් නොකල ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ ප්‍රමුඛ කොටි හිතවාදී බටහිර යුරෝපීය රටවල් වඩාත් වද වෙන්නේ තමන් විසින් ඇති දැඩි කල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මියගිය අයුරු සෙවීමටත්, රටක් බේරාගත් අප ආරක්ෂක හමුදාවන්ට ඒ වෙනුවෙන් දඬුවම් කිරීමටත් බව අමුතුවෙන් කිය යුතු නොවේ.

Continue reading …

පැට්‍රීෂියා ඒ. බුටෙනිස් නම් මහදැනමුත්තියගේ මීලඟ ගෝලයා දමිළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ය.
මේ ඇය තමන්ගේ රහසිගත කේබල් පණිවිඩයක, එම්.කේ. සිවාජිලිංගම්ගේ අදහස් තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබූ අයුරු යි.

Continue reading …

ඇමෙරිකානු තානාපතිවරියගේ ලෝකයේ හැටියට ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම හෝ දමිල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තොරතුරු ලබාගැනීම හොඳම සහ එකම මූලාශ්‍රය දමිළ ජාතික සන්ධානය හෙවත් ටී.එන්.ඒ. පක්ෂයයි. ඇමෙරිකානු තානාපතිවරිය ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව ටී.එන්.ඒ. නායක ආර්. සම්බන්තන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව ඇය තම රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ රහසිගත කේබල් පණිවිඩයක දැක්වේ.

Continue reading …

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් විසින් තමන් වෙත කල අදහස් දැක්වීමක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී පැට්‍රීෂියා බුටෙනිස් විසින් රහසිගත ලියවිල්ලක තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කරන්නීය.

Continue reading …

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ තවත් “අතිශය රහසිගත” ලියවිල්ලක ටී.එන්.ඒ. පක්ෂයේ සාමාජික පත්මිණී සිදම්බරනාදන් නැමැත්තිය කල ප්‍රකාශයක් සඳහන් කරයි.

Continue reading …

“විකිලීක්ස්” (WikiLeaks) කියන්නෙ ලාබ නොලබන අරමුණින් පවත්වාගෙන යමින් “ලොව ජනතාවට සත්‍යය දැනගැනීමේ අයිතිය” දැඩි ව විශ්වාස කරන මාධ්‍ය වෙබ් අඩවියක්. විකිලීක්ස් වෙබ් අඩවිය පටන් ගත්තෙ 2006 දි. ඒ වගේ ම 2008 සහ 2009 යන වසරවල දී ඔවුන් විසින් කල මාධ්‍ය සේවය වෙනුවෙන් සම්මන ද හිමිවුනා..

Continue reading …

                                                විකිලීක්ස් වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් නිකුත් කිරීමෙන් ලොව පුරා ඇතිවුනේ තරමක ආන්දෝලනාත්මක තත්වයක්. ඇමෙරිකාවේ වෙස් මුහුණ […]

Continue reading …