නෝර්වේ රාජ්‍යය තුල සිටින කොටි හිතවාදීන් මෙහෙයවන තැනැත්තා යැයි කියාගන්නා නදියවාන් නමැත්තාගේ සමීපතමයින් පිරිසකට පසුගියදා ප්‍රංශයේ දී එල්ල වූ ප්‍රහාරය කොටි ත්‍රස්ත හිතවාදීන් අතර පවතින අභ්‍යන්තර අරගලයේ ප්‍රතිඵලයක් බව අනාවරණය වී ඇත. මේ ප්‍රහාරය ප්‍රංශය තුල ක්‍රියාකාරී එහෙත් නදියවාන්ට එරෙහි කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් බව පැවසේ.
පළාත් පාලන ආයතන 23ක් සඳහා ඊයේ පැවැත්වුනු මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 21ක බලය ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කොට ඇත. සන්ධානය ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 56.24කි.
Continue reading …මධ්‍යම අමෙරිකානු රටක් වන එල් සැල්වදෝර් ජනරජය සමහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට තිබේ. පසුගිය පස් වසරක කාලය තුල එල් සැල්වදෝර් ජනරජය හා ශ්‍රී ලංකාව අතර වෙලඳ කටයුතු පැවතුනු අතර ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගැනීමේ අපේක්ෂාව එම රජය විසින් මෑතදී දන්වා තිබිණි.
Continue reading …අපරාධ නඩු විධි විධාන සංශෝධන මින් ඉදිරියට සිදුවන්නේ, පක්ෂ නායක රැස්වීමේ දී ඒ පිළිබඳව සාකච්ඡා කොට සියළු පක්ෂ වල එකඟතාව මත පමණක් බව, වැඩබලන ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
Continue reading …දකුණු ඉන්දියාවේ කඳවුරු සියයකට ආසන්න සංඛ්‍යාවක සහ ඒවායෙන් පිටත සරණාගතයින් ලෙස ඉතා දුක්ඛිත ජීවිත ගත කරන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව 68,600කට ආසන්න බව ඉන්දියානු වාර්තා සඳහන් කරයි. මින් බොහෝ පිරිසක් ඉන්දියාවට පැමිණ ඇත්තේ මීට වසර 20කට හෝ ඊට පෙර ය.
Continue reading …ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තු රැස්වීමේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.
Continue reading …පහුගිය සතියේ අපේ විපක්සේ පුංචි පහේ අලකලංචියක් ඇති උනා නෙව.. නායක ප්‍රස්නයක් නිසා සජිත් පිලේ කට්ටිය සිරිකොත ඉස්සරහ සත්‍යග්‍රහයක් කොරන්ට යනවැයි කියලයි අපිට නම් ආරංචි උනේ. හැබැයි ඉතින් ඒ වැඩේ කරගන්ට බැරි උනා නේ, ඒ අල්ල පනල්ලේ සිරිකොත ඉස්සරහ පාර කාපට් කොරන්ට යන්නැහිං.
Continue reading …