Home » Posts tagged with » උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව මහජනතාවට නිකුත් කිරීමට පියවර

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව මහජනතාවට මුදා හරින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ වාර්තාව මේ මස මැද භාගයේ දී නිකුත් කිරීමට නියමිත අතර, එය මුලින්ම භාර දෙනු ඇත්තේ ජනාධිපතිවරයා වෙතයි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධයේ අවසන් කාල වකවානුවේ දී සිදුවූ සිද්ධීන් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත්කල උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව එලිදක්වන්නටත් ප්‍රථම, “ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්” නමැති මානව හිමිකම් සංවිධානය ඒ පිළිබඳව පූර්ව නිගමන සිදු කිරීම අසාධාරණ මෙන්ම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර සිටියි.

Continue reading …