Home » Posts tagged with » යුරෝපය

යුරෝපයේ කොටි – කොටි වලි

නෝර්වේ රාජ්‍යය තුල සිටින කොටි හිතවාදීන් මෙහෙයවන තැනැත්තා යැයි කියාගන්නා නදියවාන් නමැත්තාගේ සමීපතමයින් පිරිසකට පසුගියදා ප්‍රංශයේ දී එල්ල වූ ප්‍රහාරය කොටි ත්‍රස්ත හිතවාදීන් අතර පවතින අභ්‍යන්තර අරගලයේ ප්‍රතිඵලයක් බව අනාවරණය වී ඇත. මේ ප්‍රහාරය ප්‍රංශය තුල ක්‍රියාකාරී එහෙත් නදියවාන්ට එරෙහි කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් බව පැවසේ.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව මහජනතාවට මුදා හරින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ වාර්තාව මේ මස මැද භාගයේ දී නිකුත් කිරීමට නියමිත අතර, එය මුලින්ම භාර දෙනු ඇත්තේ ජනාධිපතිවරයා වෙතයි.

Continue reading …

දැනට නෝර්වේ රාජ්‍යයේ සංචාරයක යෙදෙන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, කලක් ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය අතර සාම ක්‍රියාවලියේ ප්‍රධානත්වය ගෙන කටයුතු කල එරික් සෝල්හයිම් මහතාව ඔස්ලෝ හිදී හමුවී ඇතිබව නෝර්වේ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Continue reading …

මූල්‍ය හා දුෂණ වංචා සම්බන්ධව දැනට ඇමෙරිකානු ආරක්ෂක අංශ අත් අඩංගුවේ සිටින කුප්‍රකට ව්‍යාපාරික රාජරත්නම් නමැත්තා කොටි ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූ ප්‍රධානතමයෙක් බව ඇමෙරිකානු එෆ්.බී.අයි. නිලධාරී පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

Continue reading …

වසර තිහක් තිස්සේ ලක්මවට වින කළ රුදුරු ත‍්‍රස්තවාදය 2009 මැයි මස අවසානය දැකීමත් සමග ශී‍්‍ර ලංකාව තුල සාමය ස්ථාපිත කර වේගවත් සංවර්ධන ක‍්‍රියාදාමයක නිරතව සිටින බව කාටත් අවබෝධ වී ඇත.

Continue reading …

ස්විට්සර්ලන්තයේ පිහිටි එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාවට අයත් සුපිරි වෙළඳ සංකීර්ණ තුනක අයිතිය ලබා ගැනීම සඳහා ද්‍රවිඩ කල්ලි දෙකක් අතර ගැටුමක් හට ගෙන ඇති බව සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.

Continue reading …

තම ත්‍රස්ත අරමුණු ශ්‍රී ලංකාව තුල ඉටු කරගැනීමට නොහැකි වූ විට බටහිර හා යුරෝපීය රටවලදී මේ ත්‍රස්ත ආධාරකරුවන් සිදු කරන “සරණාගත වෙස් පෙරළීමට” අසුවීම නිසා ඒ රටවල් නුදුරේදීම ඉතා බරපතල සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙනු ඇත.

Continue reading …

මතභේදයට තුඩු දී ඇති දරුස්මාන් වාර්තාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳව ජාත්‍යන්තර මැදිහත්වීමක් සහ පරීක්ෂණයක් අවශ්‍ය බව පවසමින්, සමාජවාදී හරිත පක්ෂ යැයි කියාගන්නා කිසියම් කොටස් විසින් යුරෝපා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කල යෝජනාව එම පාර්ලිමේන්තුවදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.

Continue reading …

ශ්‍රී ලංකා ජනතාවට එරෙහි වෙමින් සහ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට බ්‍රිතාන්‍යය තුල නිදහසේ හැසිරීමට ඉඩ දෙමින්, බ්‍රිතාන්‍ය රජය ගෙනයන ත්‍රස්ත හිතවාදී විදේශ ප්‍රතිපත්තිය හෙළා දකිමින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ අද එක් රැස් වීමට නියමිත ය.

Continue reading …

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය කඩාකප්පල් කිරීම සහ බ්‍රිතාන්‍යය තුල එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ත හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වලට තම විරෝධය දැක්වීම උදෙසා පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයක් පසුගිය දා පැරීසියේ අයිෆල් කුළුණ ඉදිරිපිට පැවැත්විණි.

Continue reading …
Page 1 of 212