Home » Posts tagged with » ආසියාව

මෙවර සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී ශ්‍රී ලංකාවෙන් සුවිශේෂ දායකත්වයක්….

“අන්‍යෝන්‍ය සබඳතා තහවුරු කර ගැනීම” යන්න තේමා කොටගත් 17 වැනි සාර්ක්‌ රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට (10 සහ 11) දෙදින තුල මාලදිවයිනේ අද්දු නගරයේ දී පැවැත්වෙනු ඇති.

අවශ්‍ය ඕනෑම විටෙකදී අන්තර්ජාතික වශයෙන් උපරිම සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට මෙන්ම, දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කරගනිමින් සුහදව කටයුතු කිරීමට තම රජය කැපවන බව චීන අගමැති වෙන් ජියාබාවෝ මහතා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කොට තිබෙනවා.

Continue reading …

“ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක ගෙන එන්නට තමිල්නාඩු මහ ඇමතිවරිය, ජයලලිතා මහත්මිය ක්‍රියා කරන්නේ දේශපාලන වාසි තකා. ඇයට ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ගැන කැක්කුමක් තිබේනම් පළමුවෙන් ඇය කලයුතුව ඇත්තේ ශ්‍රී ලාංකික දෙමළ ධීවර ප්‍රජාව ධීවර කටයුතු සිදුකරන මුහුදු ප්‍රදේශ වලට ඉන්දීය ධීවරයින් පැමිණීම වැලැක්වීමයි. හැමෝම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගැන. නමුත් කලයුතු වන්නේ සමස්ත දෙමළ ප්‍රජාවගේම සුභ සිද්ධිය තකා කටයුතු කිරීමයි.”

Continue reading …

තමිල්නාඩුව තුල ශ්‍රී ලාංකික සංචාරකයින් සඳහා සපයා ඇති ආරක්ෂක විධි විධාන තර කිරීමට එම ප්‍රාන්තයේ ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. දඹදිව වන්දනාවේ යාමට ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් තමිලනාඩුවේ පුරුසවක්කම් හා පෙරුම්බුර් ප්‍රදේශයන් හිදී තමිල්නාඩු කොටි හිතවාදීන්ගේ ප්‍රහාර වලට ලක්වීමයි මෙයට ආසන්නතම හේතුව.

Continue reading …

තමිල්නාඩු දේශපාලන පක්ෂ වලට උවමනා ලෙස ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා වෙනස් කිරීමටවත්, ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමවටවත් තම රජයට නොහැකි බවත්, යම් හෙයකින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වුවහොත් එහි වාසිය ලැබෙන්නේ චීනයට බවත් ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝට අවධාරණය කොට තිබෙනවා.

Continue reading …

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ඊලාම්වාදීන් පිරිසක් විසින් ඊයේ මෙල්බෝර්න් නුවර දී පැවැත්වීමට සූදානම් ව සිටි විරෝධතා ව්‍යාපාරයක් නොපැවැත්වීමට හදිසියේ තීරණය කිරීම නිසා එම විරෝධතා රැලිය දින නියමයක් නොමැති ව කල් ගොස් ඇතැයි වාර්තා වේ.

Continue reading …