Home » Posts tagged with » ලංකා

ලංකාවේ “අධිවේගී” ඉන්ටර්නෙට් “මදවේගී” වීම ගැන කතා කරමු,.!

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් කිහිපයක් දැනට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග්, එයාර්ටෙල් හා සන්ටෙල් ඒ සඳහා නිදසුන් වෙති. මීට දශකයකට පෙර කාලයත්, වර්තමානයත් සැසඳූ කල තොරතුරු තාක්ෂණය, අන්තර්ජාලය යනු වර්තමානයේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය හා සබැඳි නො එසේනම්, ජනයාගේ දෛනික කටයුතු වෙනස් කරන්නට වුවද සමත් වූ අංශ දෙකක් බව නොකිවමනා ය.

පවතින ආණ්ඩුව රාජ්‍ය විචාරන අයුරු අත්‍යලංකාර ය. බොහොමයක් ඇමතිවරු ද, මන්ත්‍රීවරු ද, හෙංචයියන් ද සිතූ සේ පැතූ සේ ඩෙඟා නටති. පිස්සු කෙළිති. කොමිස් මරති. දැන් අපට සිටින්නේ තමන්ගේ අමාත්‍යාංශයේ නිලදරුවන් කරන කියන දේ නොදන්නා, නො එසේනම්, නොපෙනෙනා සේ සිටිනා එසේම එම නිලදරුවන් ගේ වැරදි වලින් තමන්ට පහර වදින විට “අයියෝ ඒක සුළු දෙයක්” යැයි කියන්නා වූ ඇමැත්තෝ ය. රටට හෙණ ගැහුවත් ඇමතියාට නම් ගාණක් නැති වග ය.

Continue reading …

මෝටර් රථයක් සමඟින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න ඉතිහාසයේ දැවැන්තම තෑගි මල්ල පිරිනමන “ටුවර් ඩී යූත්” පා පැදි සවාරිය 2011 දෙසැ.08,09,10 මඩකලපුවේ සිට මාතර දක්වා පැවැත් වේ. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

Continue reading …

ජාතික තරුණසේවා සභාව, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන “ශ්‍රී ලංකා යූත් පාපැදි සවාරිය” හෙට (08 වනදා) මඩකලපුවෙන් ගමන් අරඹයි.

Continue reading …

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සැප්තැම්බර් මාසයේ දී කල වැටලීම් වලින් පමණක් රුපියල් ලක්ෂ තුන් සියයකට අධික මුදලක් උපයාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

Continue reading …