Home » Posts tagged with » ජනාධිපති

ප්‍රශ්ණ අනා ගැනීම රජයේ ජාතික ප්‍රතිපත්තිය ද? (2 කොටස)

පවතින ආණ්ඩුව රාජ්‍ය විචාරන අයුරු අත්‍යලංකාර ය. බොහොමයක් ඇමතිවරු ද, මන්ත්‍රීවරු ද, හෙංචයියන් ද සිතූ සේ පැතූ සේ ඩෙඟා නටති. පිස්සු කෙළිති. කොමිස් මරති. දැන් අපට සිටින්නේ තමන්ගේ අමාත්‍යාංශයේ නිලදරුවන් කරන කියන දේ නොදන්නා, නො එසේනම්, නොපෙනෙනා සේ සිටිනා එසේම එම නිලදරුවන් ගේ වැරදි වලින් තමන්ට පහර වදින විට “අයියෝ ඒක සුළු දෙයක්” යැයි කියන්නා වූ ඇමැත්තෝ ය. රටට හෙණ ගැහුවත් ඇමතියාට නම් ගාණක් නැති වග ය.

“අන්‍යෝන්‍ය සබඳතා තහවුරු කර ගැනීම” යන්න තේමා කොටගත් 17 වැනි සාර්ක්‌ රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට (10 සහ 11) දෙදින තුල මාලදිවයිනේ අද්දු නගරයේ දී පැවැත්වෙනු ඇති.

Continue reading …

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව මහජනතාවට මුදා හරින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ වාර්තාව මේ මස මැද භාගයේ දී නිකුත් කිරීමට නියමිත අතර, එය මුලින්ම භාර දෙනු ඇත්තේ ජනාධිපතිවරයා වෙතයි.

Continue reading …

ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හා එරට ශ‍්‍රී ලාංකේය සංස්කෘතික සංවිධාන හතක් එක් ව සංවිධානය කර තිබූ සුහද හමුවකට අද (25) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගි විය.

Continue reading …

ත්‍රස්තවාදය පිටුදැක ලොව සාමය පැතිරවීමේ නාමයෙන් ඇමෙරිකාව ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ දස දහස් ගණන් අහිංසක ජනතාව ඝාතනය කලා. ලොව සිදුවූ යුද අපරාධ වලට බටහිර රටවල සහාය ලැබුනා. සාමයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ බොරුව නිසා රටවල් වලට බලපෑම් කිරීම හෝ බලය අල්ලා ගැනීම කිසිදා සමාව දිය නොහැකි වරදක්..

Continue reading …