Home » Archives by category » පුංචි පුවත් (Page 2)

තම දණහිසේ ආබාධයකට ඕස්ට්‍රේලියාවේ රෝහලකින් ප්‍රතිකාර ගැනීම සඳහා හිටපු ජනපති, මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, යෝෂිත රාජපක්ෂ මහතා මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයට යොමු කර තිබූ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධ ව මෙරට අධිකරණය තුල නඩුවක් විභාග වෙමින් පැවතීම හේතුවෙන් මෙසේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ මහතා විසින් මෙම […]

Continue reading …
ඇමෙරිකානු ඩොලරය රු.150 පනියි!

ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කල විනිමය අනුපාතිකයන් අනුව මේ වන විට ඇ.එ.ජ. ඩොලරයක විකුණුම් මිල රුපියල් 150.33ක් ලෙස සටහන් වී ඇති අතර යූරෝ එකක විකුණුම් මිල රු.167.90 දක්වා අගයක් ගනියි. එසේම මහ බැංකුවේ නවතම මුදල් වාර්තාවකට අනුව මෙම වර්ෂයේ දී රුපියල සියයට 2.1කින් අවප්‍රමාණය වී ඇතැ යි ද පැවසේ. – සිංහලයා පුවත්

Continue reading …
පණ්ඩිත් අමරදේවයෝ නික්ම යති!

ඊයේ රාත්‍රියේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කල සංගීතවේදී ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මිය යන විට ඒ මහතා 88 වෙනි වියේ පසු වූ අතර ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබීමට සමත් විය. පණ්ඩිත් අමරදේවයාණෙනි, ඔබට නිවන් සුව! – සිංහලයා පුවත්

Continue reading …

ශ්‍රී ලංකා රජයට ක්‍ෂණිකව රුපියල් කෝටි 5585ක පාඩුවක් සිදු කරමින් මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ බව අද වන විට රට හමුවේ ඔප්පු  වී අවසන් බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බැසීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් […]

Continue reading …

වසීම් තාජුඩීන් සිද්ධියට සම්බන්ධ නඩු විභාගය කොළඹ මහාධිකරණයේ දී අද විභාගයට ගත් අතර කොලඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කලේ, හිටපු නි.පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියට අනුයුක්ත ව සේවය කල අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා යන අය ව යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස යි. මේ අනුව අදාල සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 16 වෙනිදා […]

Continue reading …

කොළඹ ගාළු මුවදොර ඉදරියේ චීන රජය විසින් ඉදිකරමින් සිටි වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට ආ කාලයේ නවතා දැමීම නිසා ශ‍්‍රී ලාංකිකයන් 5,000කට පමණ රැකියා අවස්ථාවන් අහිමි වූ බවත් එම වගකීම බාර ගන්නේ කවුදැයි කිව යුතු බවත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් මහතා කොලඹ පැවති මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය වැඩමුළුවක් අමතමින් කියා […]

Continue reading …

වසර 12ට අඩු සේවා කාලයක් සහිත ආබාධිත රණ විරුවන් සඳහා යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි ඉල්ලා විශ්‍රාමික ආබධිත රණවිරුවන් පිරිසක් විසින් කල විරෝධතාවය පෙරේදා සිට පැවැත්වෙන අතර තවමත් ඒ සඳහා විසඳුමක් ලබා දීමට අදාල රාජ්‍ය නිලධාරීන් අපොහොසත් වී සිටියි.

Continue reading …

අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා ඊයේ දිනයේ හදිසියේ විදෙස්ගත වූයේ තමනට කලින් දන්වා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Continue reading …
​ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳ මඩ ප්‍රචාර සහ අවලාදවලට පිළිතුරක් !

පසුගියදා එකාබද්ධ විපක්ෂ පා.ම. විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටිය දී හදිසියේ මියගිය තරුණයා පිලිබඳවත්, අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිලිබඳවත් මාධ්‍ය සහ සමාජ ජාලා ඔස්සේ පැතිර යන කාරණා පිලිබඳ ව විමල් වීරවංශ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, තම දේශපාලන විරුද්ධවාදීන් විසින් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදකකර ගනිමින් මඩ ප්‍රචාර හා අවලාද මෙහෙයුම් දියත් කරමින් දේශපාලන වාසි […]

Continue reading …

එක්සත් ජාතික පක්‍ෂය මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කෝප් තමිටු වාර්තාව යට ගැසුවොත් එය ලබන සතියේදී ජනතාව අතට පත් කිරීමට තමන් කටයුතු කරන බව කෝප් කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කරයි. අද(26) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය. එහිදී […]

Continue reading …