Home » Archives by category » සිදුවීම් (Page 3)

ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය මැයි 06 වැනි දා නවීකරණය කරන ලද සුප්‍රකට 18 වංගුව මාර්ගය විවෘත කළේ ය. ඉතා දුෂ්කර මාර්ගයක් වූ එය සංවර්ධනය කිරීමේ දී 17 වංගු මාර්ගය බවට පත් ව තිබේ. එක් වංගුවක් ඉවත් වී ඇතත් තවමත් එය හඳුන්වන්නේ සුපුරුදු ලෙස 18 වංගු මාර්ගය ලෙසිනි. නමුත් දැන් එහි ඇත්තේ වංගු 17ක් බව හුදී ජනතාවට සිහිපත් කළ යුතු ය.

Continue reading …

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව යනු කිසිදු හිරිකිතයක් නැතිව වරක් සිදු කල වැරැද්දම නැවත නැවතත් සිදු කිරීමේ ලැජ්ජා නැති කම ඇති ඇමතිවරයාගේ සිට නිලධාරී රැළක් සිටින අමාත්‍යංශයක් බව මේ ලිපිය ඇරඹුමේ දී ම කියා සිටිමු. පසුගිය වසරේ ජූනි මාසයේ බාල පෙට්‍රල් ගෙන්වීමෙන් ලැබූ අපකීර්තිය ගැන වගේ වගක් නැත්තා සේ නැවතත් බාල ගුවන් යානා තෙල් ගෙන්වා ගෙන තිබේ. බාල පෙට්‍රල් ගනුදෙනුවේ දී එහි පාර්ශවකරුවන් ට ද “දඬුවම් ලබා දෙන්නේ යැයි” කියමින් කලේ තවත් බාල වැඩකි. මක්නිසාද යත්, දඬුවම් ලැබූවෙක් මෙතෙක් සොයා ගත නොහැකි හෙයිනි.

Continue reading …

උතුරු පළාතේ හෝ නැඟෙනහිර පළාතේ හෝ එක කෝවිලක් කඩලා හදලා තියෙන එක පන්සලක් ගැන කෙලින් කියන ලෙසත් ද්‍රවිඩ සන්ධානයේ ගරු මන්ත්‍රීතුමන්ලාට ඒ ගැන අභියෝග කරන බවත් එල්ලාවල මේධානන්ද හිමියෝ ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී පැවසූහ.

Continue reading …

විදේශීය ගරුතර භික්ෂූන් වහන්සේ 500 නමකට ආසන්න පිරිසක් හා දේශීය ගරුතර භික්ෂූන් වහන්සේලා 800ක පමණ සහභාගීත්වයෙන් ලෝක බෞද්ධ සංඝ සම්මේලනය අද (මැයි 08) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ ප්‍රාසාංගික කලාගාරයේ දී ආරම්භ විණි.

Continue reading …

රාජපක්ෂ පාලනය ගෙදර යැවීමට පළමු වෙඩිමුරය යාපනයෙන් පත්තු කිරීමට සූදානම් බව විපක්ෂ නායකවරයා උතුරේ මැයි දිනය පවත්වන්නට ගොස් ඩෙල්ෆ්ට් දූපතේ දී පැවසූ බව පළමු ව වාර්තා විණි.

Continue reading …

මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක (XXXX) සිදුවී ඇතැයි කියන කෝටි ගණනක ණයවර පත් (credit card) වංචාවට අදාල සාක්ෂි එම බැංකුව විසින් ඉතා සූක්ෂම ලෙස වසන් කිරීමට කටයුතු යොදා ඇති බව සිංහලයා පුවත් ඒජන්සිය වෙත වාර්තා වේ.

Continue reading …

ලංකාවේ උතුරු ප්‍රදේශයේ බිම් බෝම්බ සෙවීමේ කටයුතු වල දී පොකුරු බෝම්බ හමුවී ඇති බවට එක්සත් ජාතීන්ගේ බිම් බෝම්බ ඉවත් කිරීම කණ්ඩායමක ප්‍රධානියෙක් විසින් පැවසුවේ යැයි කියමින් AP (Associated Press) පුවත් සේවයේ රවී නෙස්මාන් නමැත්තා විසින් පල කර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම අසත්‍ය බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා ප්‍රකාශ කරයි.

Continue reading …

දඹුල්ල බොදු පූජා භූමීයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ආණ්ඩුව ආගමික ගැටුම් ඇති කරන බවට චෝදනා කර ඇත. මෙම ආගමික ගැටුම් ඇති කිරීම හරහා ආණ්ඩුව මුහුණ දී ඇති දේශපාලන අර්බුදය බෞද්ධ කොඩියෙන් වසා ගැනීමට උත්සාහ කරන බවටද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය වැඩි දුරටත් චෝදනා කරයි. ඔවුන්ගේ නිවේදනයෙන් කවර ආකාරයේ චෝදනාවක් ආණ්ඩුවට එල්ල කළද මේ බිමේ ඓතිහාසික සත්‍ය ඔවුන් මගහැර ගොස් ඇත. එය පුදුම විය යුතු කරුණක් නොවේ. එය මෙරට වාමාංශික දේශපාලනයේ උපන් ගෙයි ඇදයකි.

Continue reading …

ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් සිය මුහුදු සීමාව ඉක්මවා ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ මහා පරිමාණ ට්‍රෝලර් යාත‍්‍රාවලින් මසුන් ඇල්ලීම තුළින් උතුරු ප‍්‍රදේශයේ ධීවරයින් මුහුණ පාන ප‍්‍රශ්න සහ අපගේ මුහුදු සම්පත් විනාශ කිරීමට එරෙහි ව ඉන්දීය රජයට කරුණු අවබෝධ කරවීම සඳහාත් ඉන්දීය ධීවරයින්ගේ මෙම බලහත්කාරකම් නැවත්වීම උදෙසාත් අරගලයක් දියත් කරන බව සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

Continue reading …

යුද්ධයෙන් පසු ව අද යාපනයේ සිදු වන සංවර්ධනය දැක තමන් විශ්මයට පත් වන බව යාපනයට පැමිණි ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායමේ නායිකා මෙන් ම ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය යාපනයේ මධ්‍ය මහා විද්‍යාලයේ කී‍්‍රඩා පිටියට පැමිණීමෙන් පසු එහි රැස් ව සිටි මාධ්‍යවේදීන් අමතා ප‍්‍රකාශ කළාය.

Continue reading …