Home » Archives by category » විශේෂාංග » විමසුම (Page 3)

වසර 2005 නොවැම්බර් 18 වනදාට පෙර නම්, ශ්‍රී ලාංකිකයින්ට නොවැම්බර් 18 වනදා කිසිදු විශේෂත්වයක් නොවිණි. නමුත් 2005 නොවැම්බර් 18 වනදා වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය මෙන්ම ජන්ම දිනය ද යෙදී ඇති බැවින් ඒ දිනය නිමිතිකොට ගෙන විවිධ උත්සව හා නා නා විධ ක්‍රියාකාරකම් සිදුවනු දක්නට ලැබේ. මේවායේ පෙරමුණ ගෙන සිටින්නේ ජනපතිවරයා වටා ප්‍රශස්ති ගී ගයමින් සිටින නූගත් පුද්ගලයෝ රැසකි.

Continue reading …

ලංකාව තුල තවමත් ද්‍රවිඩ ජනතාවට අනාරක්ෂිත බවටත්, ඔවුන්ට රජය සහ එම හමුදාවන් විසින් ම්ලේච්ඡ ලෙස සලකන බවටත් ජාත්‍යන්තරය තුල මතයක් ගොඩනැගීමට මේ තාක් දැරූ උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු, කොටි ත්‍රස්ත හිතවාදී කොටස් විසින් ඒ සඳහා “ආගම්වාදී ආකල්ප” යොදා ගන්නට සැරසෙන බව පෙනෙන්නට තිබේ.

Continue reading …

1994 සිට වඩාත් සාර්ථක ව සහ ප්‍රබල ව මෙරට දේශපාලන කරළියේ “තුන්වන බලවේගය” ලෙසින් ගොඩනැගෙමින් තිබු ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීම හෝ දිය කර හැරීම යනු, ප්‍රබල බටහිර ඔත්තු සේවා දෙකක් විසින් කල මෙහෙයුමක ප්‍රථිඵලයක් බව යුරෝපයේ ජනතා විමුක්ති පෙරමුණු ශාඛාවකට සම්බන්ධ සුවිශේෂ ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් එ’ජන්සිය වෙත හෙළි කර සිටියේ ය.

Continue reading …

ජාතික වීරයින්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලාංකේය ඉතිහාසය විමසා බැලීමේ දී සැණෙකින් පසක් වන අනෙක් කරුණ නම්, මෙරට පහල වූ එම වීර පුතුන් තරමට ම හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ද්‍රෝහීන් පිරිසක් ද වූ බව යි. ඈත අතීතය කෙසේ වෙතත් මෙයට දශකයකට එහා අතීතය නම් කෙසේවත් විමසා බලන්නට එපා යැයි යෝජනා කරමු.

Continue reading …

“එජාප නායකත්වය පිලිබඳ අර්බුදය” අද යළිත් වරක් ඉස්මතු විණි නමුත් “හෝස්” ගාමින් පටන් ගත් එය “පුස්” ගා අවසන් වූ බව ද රහසක් නොවේ,. මේ අතර එජාපයේ අභ්‍යන්තර අවුල් වියවුල් ආණ්ඩුවේ දේශපාලනඥයින්ට හොඳ හැටි පට්ට ගසන්නට මාතෘකා සපයා තිබේ.

Continue reading …

ගෙවී ගිය වසරක පමණ කාලය නම් වර්තමාන රජයට එතරම් ගුණ දායක වූ බවක් නොපෙනේ. කාලෙන් කාලෙට ඉස්මතු වන ප්‍රශ්ණ සහ අභියෝග යනු බලයේ සිටින ඕනෑම රජයකට මුහුණ දීමට සිදු වන්නක් වන අතර ඒවාට මුහුණ දීමේ දී එම රජය කටයුතු කරන ආකාරය යනු, රජය කෙරෙහි ජනතාවගේ පැහැදීම අඩු හෝ වැඩි කරලීමේ නියත සාධකයක් බවට පත් වේ.

Continue reading …

බ්‍රිතාන්‍ය චැනල් 4 ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හමුදාවන් විසින් යුද අපරාධ සිදුකල දර්ශන අඩංගු වන්නේ යැයි පවසමින් නිර්මාණය කල “කිලිං ෆීල්ඩ්” නමැති වීඩියෝ පටය පසුගිය දා එලිදැක්විණි.

Continue reading …

“ආසනික්” නම් විෂ සහිත රසායනය වත්මන් සමාජය තුල ඇතිකලේ සැලකිය යුතු තරමේ කැලඹිල්ලක්. මේ විෂ රසායනිකය අඩංගු කෘෂි රසායන යෙදූ කෘෂි නිෂ්පාදන තුලින් මිනිස් ශරීරගත විය හැකි මෙය දරුණු සෞඛ්‍ය ගැටළු ඇති කරන්නට සමත් වන අතර එම ව්‍යාධීන් අතර පිළිකා,

Continue reading …

තුන්ලොවට අග්‍ර වූ මහා කාරුණික අප ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලැබ සියවස් විසිහයක් සපිරෙන වෙසක් පුන් පසළොස්වක පොහොය දිනය අදයි. බහුතර බෞද්ධයින් වෙසෙන ශ්‍රී ලංකිකයින් ප්‍රමුඛ ලෝ වැසි බෞද්ධයින් මේ උතුම් උළෙල සමරන්නේ මහත් ගෞරවයකින් හා භක්ත්‍යාදරයකින් යුතුව.   එමෙන්ම, පුරා තිස්වසරක් ත්‍රස්තවාදයෙන් බැට කෑ අපට සිතේ නිදහසින් පිළිවෙත් රැකිය හැකි පරිසරයක් උදාවී […]

Continue reading …

ඇමරිකානු හමුදා දිගු දුර ඒකකයක් විසින් පාකිස්ථානයේ දී අල් කයිඩා නායක, ඔසාමා බින් ලාඩන් ව ඝාතනය කලැයි මේ දිනවල ජනපති බැරැක් ඔබාමා සිටිනුයේ බොහෝ සතුටින් විය හැකි ය. එසේම ඇතැම් බටහිර මාධ්‍ය නාළිකා සහ යුරෝපා/බටහිර රාජ්‍යයන් විසින් ද බැරැක් ඔබාමා ව වීරයෙක් බවට පත් කොට තිබේ.

Continue reading …