විකිලීක්ස් යනු මේ දිනවල ලොව ජනප්‍රියතම වෙබ් අඩවියයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, ඒ ඒ රටවල තානාපති කාර්යාලත් අතර පසුගිය වකවානු වල හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි බුරුතු පිටින් තම වෙබ් අඩවිය හරහා හෙලි කිරීමට “විකිලීක්ස්” කටයුතු කලේ ඇමෙරිකානු බලධාරීන් භීතියටත් ත්රාසයටත් පත් කරමින්.
Continue reading …“ම්ලේච්ඡ කොටි ත්රස්තවාදීන් පරාජය කර අවසන් ය, දැන් උන් යළි නැගිටිනු බොරු ය” යැයි අපි කියමු. “අප වෙලාව එනතුරු බලා සිටින්නෙමු”යි කොටින්ගේ බත් බැලයෝ ඒ අතර කියති. වෙලාව ඒද, නො ඒද යන්න නොව “වේලාව නොදීම” අපට අයිති වැඩකි. මේ හදන්නේ කොටි ත්‍රස්තයින් මේ පොළොවෙන් අතුගා දැමූ අප රණවිරුවන් ගේ මෙහෙවර අඩු තක්සේරු කිරීමට නොව, ඔවුන් තම ඇස්, ඉස්, මස්, ලේ පුද දී කල පරිත්‍යාගය වඩා අර්ථ ගන්වනු වස් අප විසින් කලයුතු දෑ පිළිබඳව සිහි කැඳවන්නට ය.
Continue reading …පැට්‍රීෂියා බුටේනිස් තානාපතිවරියට අනුව අපරාධ වර්ග දෙකක් තිබෙන බව පෙනේ. ඒ ජාත්‍යන්තරව පිළිගත හැකි සහ පිළිගත නොහැකි යනුවෙනි. පහත දැක්වෙන්නේ කොළඹ වෙසෙන ඇමරිකානු තානාපතිවරිය විසින් තමන්ගේ තවත් රහසිගත කේබල් පණිවුඩයක ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රකාශ කරන තවත් විකෘති චිත්රයකි.
Continue reading …2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුනු ජනාධිපතිවරණයට ආසන්න කාලයකදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති පැට්‍රීෂියා බුටෙනිස් විසින් තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ රහසිගත කේබල් පණිවුඩයක ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි ඇමෙරිකාව ප්රමුඛ ත්‍රස්ත හිතවාදී රටවල් විසින් චෝදනා කරන යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාවේ අවධානය මඳ යැයි ද මෙම යුද අපරාධ සඳහා ශ්‍රී ලංකා ජනාධිපති, ඔහුගේ සහෝදරයින් සහ එවකට ජනරාල් සරත් ෆොන්සේකා වගකිවයුතු යැයි සෘජුවම චෝදනා කරන්නීය.
Continue reading …ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ජන ජීවිතය විනාශ කරමින් සිදු කල සැබෑ යුද අපරාධ පිළිබඳව කිසිදු තැකීමක් නොකල ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ ප්රමුඛ කොටි හිතවාදී බටහිර යුරෝපීය රටවල් වඩාත් වද වෙන්නේ තමන් විසින් ඇති දැඩි කල එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් මියගිය අයුරු සෙවීමටත්, රටක් බේරාගත් අප ආරක්ෂක හමුදාවන්ට ඒ වෙනුවෙන් දඬුවම් කිරීමටත් බව අමුතුවෙන් කිය යුතු නොවේ.
Continue reading …පැට්‍රීෂියා ඒ. බුටෙනිස් නම් මහදැනමුත්තියගේ මීලඟ ගෝලයා දමිළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ය.
මේ ඇය තමන්ගේ රහසිගත කේබල් පණිවිඩයක, එම්.කේ. සිවාජිලිංගම්ගේ අදහස් තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබූ අයුරු යි.
ඇමෙරිකානු තානාපතිවරියගේ ලෝකයේ හැටියට ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම හෝ දමිල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තොරතුරු ලබාගැනීම හොඳම සහ එකම මූලාශ්‍රය දමිළ ජාතික සන්ධානය හෙවත් ටී.එන්.ඒ. පක්ෂයයි. ඇමෙරිකානු තානාපතිවරිය ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව ටී.එන්.ඒ. නායක ආර්. සම්බන්තන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව ඇය තම රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ රහසිගත කේබල් පණිවිඩයක දැක්වේ.
Continue reading …