Home » Entries posted by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය (Page 34)
Stories written by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය

යාපනය අර්ධද්වීපයේ පාසලක ඉදිකරන ලද පළමු පිහිනුම් තටාකය ඊයේ (06) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ (පා.ම.) මහතා අතින් විවෘත කෙරිණි.

Continue reading …

මාලදිවයිනේ පසුගිය දින කිහිපයේ උද්ගත ව ඇති උද්ඝෝෂණ හා ව්‍යාකූලත්වය නිසා එයට අන්තර්ජාතික අතපෙවීමක් සිදුවීමට තිබෙන ඉඩකඩ අහුරමින් ජනාධිපති මොහමඩ් නෂීඩ් මහතා තනතුරින් ඉල්ලා අස් වී උප ජනාධිපතිවරයාට එම තනතුරෙහි දිවුරුම් දීමට අද (07) අවස්ථාව ලබා දී තිබේ.

Continue reading …

බොරලැස්ගමුව වැවේ ජලය දැඩි ලෙස අපවිත්‍ර වීම ගැන බලධාරීන් නිසි අවධානය යොමු නො කරන බව ප්‍රදේශවාසීහු පවසති.

Continue reading …

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර අද (06) සහ හෙට වීදි සංචාරය කරන අතර කොළඹ නගරයේ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය අත්හිටුවා තැබේ.

Continue reading …

ඉංගිරිය පොලිස් බල ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්ත්වයක් නිසා නිවාස 10කට පමණ අලාභහානි සිදු ව ඇතැයි වාර්තා වේ.

Continue reading …

2013 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමේ කාර්යයන් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 2174.4ක් වෙන් කරයි.

Continue reading …

ආසන පටි නොපළඳින රියැදුරන් සහ මගීන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාමාර්ගය වෙනුවට ස්ථානීය දඩ අය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුමැතිය ලැබී තිබේ.

Continue reading …

අනුරාධපුරයේ පැවැත්වෙන 64 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට හා ඔයාමඩුවේ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය වෙනුවෙන් ආරක්ෂාව සඳහා 8000ක පමණ පොලිස් නිලධාරීන් සේවයේ යෙදවීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

Continue reading …

පසුගිය මාස දෙක තුළ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් 1900ක් ආපදාවන්ට ලක් ව ඇති නිසා ඉදිරියේ දී එම මාර්ගයේ ධාවනය කරන වාහන සඳහා විශේෂ ධාවන ප්‍රමිති සහතිකයක් ලබාදීමට කටයුතු කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

Continue reading …

ශිෂ්‍ය වීසා මත සයිප්‍රසයට යවා එහි දී රැකියා ලබා දෙන බව පවසමින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 8 – 10ත් අතර මුදල් ලබා ගනිමින් සිදුවන ජාවාරමක් මෙරට ඇතැම් ඒජන්තවරුන් සිදුකරන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

Continue reading …