Home » Entries posted by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය (Page 33)
Stories written by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය

පෞද්ගලික බස්රථ හිමියන් අද (පෙබරවාරි 13) දියත් කළ බස් වර්ජනය නිසා මගී ජනතාව මහත් අපහසුතාවන්ට මුහුණදුන් අතර එම වර්ජනය නොතකා ධාවනය කළ පෞද්ගලික බස්රථවලට හා ලංගම බස්රථවලට පහරදෙමින් හා බාධා පමුණුවමින් ඇතැම් පිරිස් කටයුතු කර තිබේ.

Continue reading …

පකිස්තානයේ නිල සංචාරය අවසන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (පෙබරවාරි 12) යළි ශ්‍රී ලංකාවට පැමිණියේ ය. දෙරටේ දූත පිරිස් ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා අවබෝධතා ගිවිසුම් තුනකට ද අත්සන් තබා ඇත. පකිස්තානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට ද ජනමාධ්‍ය සහයෝගීතාව සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් ගිවිසුම් දෙකකට ද එහි දී අත්සන් තබා […]

Continue reading …

ඉතා නුදුරු දිනක දී ම මෙරට ඉන්ධන මිල ඉහළ යන ලකුණු පහළ වෙමින් පවතින අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළයාමේ ප්‍රවණතාව දරාගත නොහැකි තත්ත්වයකට ආණ්ඩුව පත්වෙමින් සිටින බව අනාවරණය වේ.

Continue reading …

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් පිළිතුරු දීමට මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී අමාත්‍ය කමිටුවක් පත්කිරීමට ඊයේ (පෙබරවාරි 09) රැස් වු කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Continue reading …

මාලදිවයිනේ හිටපු ජනපති මොහමඩ් නෂීඩ් මහතාගේ බිරිඳ ලයිලා නෂීඩ්ට හා දරුවන්ට රැකවරණය ලබා දුන්නත් එරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

Continue reading …

පකිස්තාන ජනපති අසිෆ් අලි සර්දාරි මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (පෙබරවාරි 10) නිල සංචාරයක් සඳහා පකිස්තානය බලා යාමට නියමිත ය.

Continue reading …

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මගීන් පරීක්ෂා කොට ඇතුළු කිරීම (check-in counters) සඳහා වන කවුළු ගුවන්යානා ගුවන්ගතවීමට පැයකට පෙර වැසීමට තීරණය කර ඇත.

Continue reading …

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මරණයක් ගැන සැකපිට අත්අඩංගුවට පත් ව රියාද් නුවර මලාස් කාන්තා බන්ධනාගාරයේ සිටි ශ්‍රී ලාංකික රැඳවියක් සිය දිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.

Continue reading …

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා (එජාප) අද පාර්ලිමේන්තුවට යොමුකර තිබූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සහ එයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පිළිතුරු මෙ‍සේ ය.

Continue reading …

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවර පිරිස බේරාගැනීම කවදාවත් රාජ්‍යතාන්ත්‍රිකව විසඳිය නොහැකි බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Continue reading …