Home » Entries posted by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය (Page 2)
Stories written by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය

“ජනතාවනි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළ ගැසෙමු. ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමට එරෙහි වෙමු” යන තේමාවන් පෙරදැරිව සංවිධානය කළ විරෝධතාවක් අද (නොවැම්බර් 05) කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි.

Continue reading …

තමන්ට එරෙහිව යන තම පාක්ෂිකයන්ට පහර දෙමින්, ඝාතනය කරමින් 1988-89 භීෂණ සමයේ කටයුතු කළ ආකාරයේ තවත් ක්‍රියාදාමයක් ජවිපෙ ක්‍රියාත්මක කර ගෙන යන බව ජනරළ පොස්ටර් අලවමින් සිටි දෙදෙනෙකුට කළ පහරදීමෙන් පෙනී යන බව දේශපාලන විචාරකයෝ පවසති.

Continue reading …

මෙවර ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක සංචරණ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආයතන 53ක් සහභාගී වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්ධන බියු‍රෝව පවසයි.

Continue reading …

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ යාන්ත‍්‍රික වැලි කැනීම් කටයුතු සඳහා නීති විරෝධී ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා ගොවිජන සේවා හා වන ජීවී අමාත්‍යංශයේ ලේකම් උදේනි වික‍්‍රමසිංහ මහතා විසින් අවසර ලබා දී ඇතැයි පරිසර සංරක්ෂණ භාරය නිවේදනයකින් පවසයි. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3(ආ) […]

Continue reading …

කේපී ගැන මොනවා කිව්වත් උතුරේ ජනතාව තෝරන මහ ඇමති තමා යැයි දේවානන්දා කියයි

Continue reading …

හෙජින් ගිවිසුම අත්තනෝමතික ලෙස උල්ලංඝනය කර ඇති නිසා ඩොලර් මිලියන 60.3 වන්දිය සමඟ ඊට අදාළ පොලිය ද ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එරෙහිව ලබා දෙන ලද බේරුම්කරණ විනිශ්චය සභාවේ තීන්දුව නිෂ්ප්‍රභ කරගැනීම සඳහා පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයකින් පවසයි.

Continue reading …

හෙජින් ගනුදෙනුවට අදාළව පවරා තිබූ නඩු‍වේ තීන්දුව දෙමින් ඩොයිෂ් බැංකුවට ඩොලර් මිලියන 60.3ක මුදලක් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අද (නොවැම්බර් 02) අමෙරිකානු අධිකරණයක් නියෝග කර තිබේ.

Continue reading …

දෙමළ දේශපාලන පක්ෂවලින් තමාට මරණීය තර්ජන එල්ලවී ඇතැයි මඩකලපුව මංගලාරාම විහාරාධිපති හැම්පිටියේ සුමනරතන හිමියන් පවසා ඇතැයි වාර්තා වේ.

Continue reading …

ඉන්දීය මධ්‍යම බුද්ධි තොරතුරු ඒකකය සෙල්වරාසා පත්මනාදන් හෙවත් කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට එරෙහිව පරීක්ෂණයක් අරඹා ඇතැයි ඉන්දීය පුවත් වාර්තා පවසයි.

Continue reading …

අග්‍ර විනිශ්චයකාර ශිරානි බන්ඩාරනායක මහත්මිය ධූරයෙන් පහකිරීම සඳහා වන යෝජනාව අද (නොවැම්බර් 01) පෙරවරුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා වෙත බාරදෙන ලද බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවාය.

Continue reading …