නාවලකන්දේ මාරයා වැඩ අරඹයි.. – මධ්‍යම පරිසර අධිකාරියත් නිහඬයි!

නාවලකන්ද යනු ශ්‍රී ලකාව පුරා පවතින වනාන්තර පද්ධතියේ ඉහලම ජෛව විවිධත්වයක් හිමි සදාහරිත වැසි වනාන්තරවලට මැදි වූ කළුතර දිස්ත්‍රිකයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 849-D ග්‍රාම සේවා වසම වසම තුළ පිහිටි සුන්දර ප්‍රදේශයකි. නාවලකන්ද රක්ෂිත ප්‍රදේශය පෝශණය කරමින් ප්‍රදේශ වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින්  ප්‍රදේශයේ  ජීවය රකිමින් අළුකැටිය, නාවලකන්ද, වැදිවත්ත හරහා බෙන්තර ගඟ දක්වා ගලා බසින දොළ මාර්ගය  ප්‍රදේශයේ එකම ජල ප්‍රභවය යි.

ඉතා පිරිසිඳු ජල දහරාවක් වූ මෙම දොළ මාර්ගයේ  ජීවත් වූ මසුන් විශාල ප්‍රමාණයක් 2016.11.23 වන දින අසාමාන්‍ය ලෙස එකවර මියගොස් සටිනි. ප්‍රදේශවාසීන් එදිනෙදා ජල අවශ්‍යතාවය සපුරා ගන්නා මෙම දොළ මාර්ගයේ ජීවත් වුන ශ්‍රීලංකාව ආවේනික මසුන් වන බුලත් හපයා, දණ්ඩියා, වැලිගොව්වා, කනයා වන මසුන් අතුළව මසුන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වීම නිසා  එම ජලය පරිභෝජනය කිරීමට ප්‍රදේශවාසීන් බියක් දැක්විය. මේසේ මසුන්ගේ ජීවීත විනාශවීමට හේතුව සොයා බැලීමේදී අපට දැක ගත හැකි වූයේ  මෙම දොළ මාර්ගයේ ආරම්භක ප්‍රදේශය තුළ විදේශීය සමාගමක් විසින් මිනිරන් කැණීම් කරන පතලක් මගින් දොල මාර්ගයට සිමෙන්ති එක් කර ඇති ආකාරයයි. මෙම සිමෙන්ති එක් කිරීම නිසා මසුන් මිය යන්නට ඇතැයි බොහෝ දෙනා සැක පල කරයි.

මෙම ප්‍රදේශයට වටිනාකමක් ලබා දෙන රක්ෂිත කලාපයත් ප්‍රදේශවාසීන් හා සතා සිවුපාවන් හට ජීවය ලබා දෙන මෙම දොළමාර්ගය මෙලෙස දූෂනය කිරීම විශාල පරිසර විනාශයකි. මෙම සිද්ධිය පිළිබඳව සොයා බලා මෙම දොළමාර්ගයේ ජලය මිනිස් පරිබෝජනයට සුදුසු දැයි පරීක්ෂාකර දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයටත්, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, වලල්ලාවිට සෞඛ්‍ය නිලධාරී කාර්යාලයටත් 2016.11.26 වන දින ලිඛිතව දැනුම්දීම් සිදු කලත් මේ දක්වාම කිසිම නිලධාරීයෙකු සැලකීමක් නොදැක්වීම කනගාටුවට කරුණකි.

විදේශීය සමාගම් වල මාරදූතයන් මෙරට සම්පත් සූරා ගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගෙන අපගේ වටිනා පරිසරය දූෂණයට කිරීමට බලදාරීන් විසින් ඉඩ ලබා දීම මහා පාපකර්මයකි. කවදා හෝ නාවලකන්ද ප්‍රදේශයට පැමිණඇති මෙම විදේශීය මාරදූතයන් ඔවුන්ගේ කාරිය ඉටුකරගත් පසු මෙම සුන්දර පරිසර පද්ධතිය සමූල ඝාතනය කොට නාවලකනදේ ජීවය මරුවාට බිලි දෙන බව නිසකවම කිව හැකිය.

– සමනල යෞවන සමාජය

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *