ශ්‍රී ලංකාවේ ත්‍රස්ත යුද්ධයේ වියදම ඩොලර් බිලියන දෙසීයයි?

Choices: Inside the Making of India’s Foreign Policy.

දශක තුනක කාලයක් මෙරට පැවති විනාශකාරී ත්‍රස්තවාදයට එරෙහි සටන වෙනුවෙන් වැය වී ඇති සමස්ථ ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙසීයක් බව ඉන්දියානු මාධ්‍ය වාර්තාවෝ සඳහන් කරති.

හිටපු ඉන්දීය විදේශ ලේකම්වරයෙකු මෙන්ම එරට ජාතික ආරක්ෂක උපදේශකයෙකු වූ ශිවශන්කර් මෙනන් විසින් රචිත “Choices: Inside the Making of India’s Foreign Policy” නැමැති කෘතියෙහි මේ බව සඳහන් කොට ඇත.

මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය, මෙරට දේශපාලන පක්ෂයන් හි එකිනෙකා රවටා ගැනීමේ ක්‍රමවේදයන්, ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ත්‍රස්ත අර්බුදය සමග ක්‍රියා කල හැටි සහ මෙතෙක් පැවති ශ්‍රී ලංකා රජයන් හි විදෙස් ප්‍රතිපත්තිය ද මෙම කෘතියෙහි නිරීක්ෂණයට බඳු වී තිබෙන අතර යුද්ධයෙන් අනතුරුව රජය මගින් ක්‍රියාත්මක කරන ලද පුනරුත්ථාපන වැඩපිලිවෙල මෙම කෘතිය මගින් පැසසීමට ලක් කොට ඇත.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *