මාගම්පුර වරායට චීන ණය සහ පොලී ගෙවමින් මෙරට ජනතා පරමාධිපත්‍යය ද චීනයට ම පැවරෙන හැටි!

​අත්සන් කොට තිබෙන ගිවිසුමට අනුව හම්බන්තොට වරායේ සියළු කටයුතු මෙහෙයවීම චීන සමාගමේ බලය යටතට පවරා ඇත. වරායේ අභ්‍යන්තර ආරක්‍ෂාව පවා පැවරී ඇත්තේ චීන සමාගමට ය. වරාය සතු සියළු පහසුකම් ද ගිවිසුම යටතේ සමාගමට හිමි ව තිබේ.

ඒ කෙසේ වෙතත්, වරාය වෙනුවෙන් ලබාගත් සියළු ණය, එහි පොලිය ද සමග තවදුරටත් චීනයට ගෙවීමට ශ්‍රී ලංකා රජය ගිවිසුමෙන් බැඳී සිටි. තව ද හම්බන්තොට වරායට කිලෝමීටර් 100කට මෙහා සීමාව තුළ මෙවැනි තරමේ තවත් කිසිදු වරායක් නිර්මාණය කිරීමට ලංකා රජයට ඇති හැකියාව ගිවිසුම මගින් තහනම් කොට ඇත.

අති භයානක වගන්ති හරහා වරාය ආරක්‍ෂව චීනයට පැවරීම ලංකාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ දැඩි සැක සංකා ඇති කරන තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍රී ලංකා නාවුක හමුදාවට ක්‍රියාත්මක විය හැක්කේ වරායෙන් පිටත භූමියේ පමණි. තත්වය සිත්ගන්නා සුළු වන්නේ නාවුක හමුදාවේ ඍජු අධීක්‍ෂණය යටතේ පැවති ඇවන්ගාර්ඩ් අවි හුවමාරු නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බව කියමින් මහා ඝෝෂෘවක් නැගූ ආණ්ඩුවක් විසින් ම මෙම එකඟතාවට පැමිණීම ය. පවතින තත්වය හමුවේ චීනයට මෙම වරාය ඇතුළත කළ නොහැකි දෙයක් නැත.

මේ අතර, ණයට හිලව් ලෙස රටේ ණයබර අඩුකර ගැනීම සඳහා වරාය විකිණීමට සිදු වූ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය ද ගිවිසුම බොරුවක් බව සනාථ වී තිබේ. විශේෂම කාරණය වන්නේ තම භූමිය තුළ තවත් වරායක් නිර්මාණය කිරීමට ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ජනතාවට අවස්ථාව අහිමි කිරීම ය. මෙසේ මෙරට ජනතාවගේ පරමාධීපත්‍ය බලය වෙනත් රටකට පැවරූ තවත් අවස්ථාවක් තිබේ නම් ඒ 1815 උඩරට ගිවිසුම පමණි.

@මහින්ද පතිරණ (මුහුණුපොත)
මූලාශ්‍ර: China-dominated joint venture taking control of Hambantota port – The Sunday Times

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *