වරාය සේවකයින්ට එල්ල වූ නාවුක හමුදා ප්‍රහාරයෙහි අරමුණ හමුදාව කෙරෙහි වන ජනතා ප්‍රසාදය නැති කිරීම ද?

​හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව සේවකයන් පැවැත්වූ සත්‍යග්‍රහයට පහර දී, වෙඩි තබා, මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරමින් කනට ගැසීමට ආණ්ඩුවෙන් නියෝග ලබා දීම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව කෙරෙහි ජනප්‍රසාදය නැති කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගත් නීච ක්‍රියාමාර්ගයක් බවට සැක මතු ව තිබේ. මේ නීති විරෝධී කටයුත්ත අගමැති රනිල්ගේ බලය යොදාගනිමින් නාවික හමුදාපතිවරයාට පවරා ඇත්තේ ඇමති සාගල රත්නායක විසිනි.

එහිදී මාධ්‍යවේදීන්ට පහර දීමට වත්මන් නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න යටතේ සිටි කිසිදු රණවිරුවෙක් එකඟ වී නැත. උසස් නිලධාරීන් පවසා ඇත්තේ තමන්ව සේවයෙන් පහ කළද තම සොයුරන් දිවි පුදා රැක දුන් නාවික හමුදාව අපකීර්තියට පත් කිරීමේ මහා පාපකර්මයට දායක විය නොහැකි බවයි. අවසානයේදී රවීන්ද්‍ර විජේගුණරත්න නැමැති යහපාලන හමුදාපති ම පැමිණ ඇත. රවින්ද්‍ර විජේගුණරත්න යනු එවකට සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් විශ්‍රාම යවා රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මත නාවික හමුදාපති පත්වීම ලබා ගත් පුද්ගලයෙකි.

මෙහිදී එම දූෂිත නියෝගය ලබා දුන් සාගල රත්නායක සහ එම දූෂිත නියෝගය ක්‍රියාත්මක කළ රවීන්ද්‍ර විජේගුණරත්න විසින් 1950 අංක 34 දරණ නාවික හමුදා පනතේ සිට ඊට එක් කරන ලද සංශෝධන ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ගණනාවක් උල්ලංඝනය කර තිබේ.

  1. නිල ඇඳුම් නොමැතිව නාවික හමුදා කාණ්ඩයක් මෙහෙයවීම.
  2. “නිරායුධ” සිවිල් වැසියන්ට එරෙහිව සන්නද්ධ හමුදාවක් යෙදවීම.
  3. “නිරායුධ” සිවිල් වැසියන්ව පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග ලබා දීම.
  4. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි මාධ්‍යවේදියෙකුට ඔහු රාජකාරිය කරන අවස්ථාවේදී සිය නිල ඇඳුමද නොමැතිව පහර දීම.
  5. “නිරායුධ” සිවිල් වැසියන්ට පහර දීමට සන්නද්ධ හමුදවට නියෝග ලබා දීම.
  6. සිවිල් වැසියන් සුළු පිරිසක් සිටින සාමකාමී උපවාසයක් මැඩ පැවැත්වීමට ප්‍රදේශයේ පොලිසිය යොදාගත හැකිව තිබියදී නාවික හමුදාපතිවරයා ම පැමිණීම.
  7. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව රට සහ ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තිඅයට ලක් කිරීමට කූඨ ලෙස කුමන්ත්‍රණය කිරීම.

ශ්‍රී ලංකාවේ සැබෑ යහපාලනයක් තිබේ නම් නාවික හමුදාව අපකීර්තියට පත් කළ මෙම දූෂිත නිලධාරියා ව මෙතරම් වීඩියෝ සාක්ෂි තිබිය දී සේවයෙන් නෙරපා හැරිය යුතු අතර, ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරවිය යුතු ය. එසේම අගමැතිගේ හයියෙන් ජනාධිපති බලතල අනිසි ලෙස යොදාගත් ඇමති සාගල රත්නායකට එරෙහිව ද නඩු පැවරිය යුතුය. එනමුත් පොරොන්දු වූ යහපාලනයක් පෙනෙන තෙක් මානයක ඇතැයි සිතිය නොහැක.

තම රැකියාව පරදුවට තබමින් යහපාලන රෙජීමයේ දූෂිත නියෝගය ප්‍රතික්ෂේප කළ නිලධාරීන් අති බහුතරයක් සිටි බව අප අමතක නොකළ යුතු ය. එනිසා ආරක්ෂක අංශ වලට එරෙහි වීමෙන් වළකිමු. මෙම දූෂිත රවීන්ද්‍ර විජේගුණරත්න සහ ඔහුට නියෝග ලබා දුන් ඇමති සාගල රත්නායක ගැන තීරණයක් ගැනීම ජනතාව වන ඔබට බාර කරමු.

@SinhalaBuddhist (fb)

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *