​ජවිපය ගැන නැගෙන ප්‍රශ්න !

වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි ව පාර්ලීමේන්තුවේ දී හා ඉන් පිටත දී එල්ල කරන විවේචන අප විසින් බාරගත යුත්තේ කෙසේ ද යන්න ගැන සංවාදයක් ඇතිවිය යුතු ය. ඇතැම් අවස්ථාවල අප දැක ඇත්තේ අනුර කුමාර දිසානායක හා සෙසු ජවිප මන්ත්‍රීන් විසින් පාර්ලීමේන්තුවේ දී නගන ඇතැම් තර්ක ආණ්ඩුව දැඩි අපහසුතාවකට පත් කරන අයුරු ය.

බැඳුම්කරයට සම්බන්ධ කෝප් වාර්තාව වුව ද, අප කඳවුර සිතන පරිදිම සිදු නොවූව ද, කිසියම් ප්‍රශස්ත මට්ටමකන් සිදු කිරීමට ජවිප සභාපතිත්වය කටයුතු කළ බව බැලූ බැල්මට පෙනේ.

ජවිපයේ ආණ්ඩු-විවේචන පිළිබඳ අප කඳවුර නිති හිතන්නේ ඒවා බඩේ බිජු තබාගෙන කරන ඒවා මිස අවංක ඒවා ‍නොවන බව ය. මෙහි ඇත්තක් තිබිය හැකි ය. දින 100 ආණ්ඩුව තුළ ඊනියා හොරු ඇල්ලීමේ කටයුත්තට පරිපාලනමය වශයෙන් ජවිපය හවුල් වූ බව ප්‍රකට කරුණකි. අද ද රනිල් ආණ්ඩුවට එල්ල කරන චෝදනා, මහින්දට එල්ල කළ තරමේ තීව්‍රතාවකින් තොරව එල්ල කරනු නිති දැකිය හැකි තත්වයකි.

සාක්‍ෂි නොමැති ව මහින්දට චෝදනා එල්ල කළ පසුබිමක රනිල්ට සාක්‍ෂි තිබිය දී තම විවේචන මෙසේ සැර බාල වීම විමතිය දනවන්නකි.  මේ අතර, වත්මන් බලපෙරළිය කිරීමට ජවිපය කළ මැදිහත් වීම හා එකී බලපෙරලියෙන් පසු රට විනාශයෙන් විනාශයට යාම තුළ එම පක්‍ෂයට එරෙහි ව රට තුළ ප්‍රබල විවේචනයක් ඇති බව ද බැහැර කළ නොහැකි ය.

යම් හෙයකින් මහින්ද පරාජය වීමෙන් පසු, සියල්ලගේ ම සැලසුම් ව්‍යර්ථ වී ගියා සේ ජවිපයේ ඒවා ද එසේ වීද ? එනම් තමා පත් කළ ආණ්ඩුව මෙතරම් යුහුව අජූත වෙනු ඇතැයි ජවිපය අපේක්‍ෂා නොකළේ ද? ඒ හරහා තම සායම ද යතින් ඔවුන් අපේක්‍ෂා නොකළේ ද? ඒ නිසා ම ඔවුන්ට දැන් නැවතත් ආණ්ඩු විරෝධී පිළට ගොඩවීමට අවංක වුවමනාවක් ඇති වී තිබේ ද? මේ සියල්ල නොව, ඇත්තට ම මහින්ද-පරාජයට හවුල් වී ඉන් පසු බලයට එන රනිල්-සිරිසෙන හවුල අනිවාර්යෙන් ම රට අනා ගන්නා බව දැන දැන ජවිපය ඊට සහාය වූවේ ද?

හෙළ උරුමය සේ ම, මහින්දට යළි නැගිටීමක් අපේක්‍ෂා නොකළ තත්වයක් තුළ, රනිල්-සිරිසේන ද අනා ගත හොත් ඉතිරි වෙන එකම බලවේගය තමා බව ජවිපය කල්පනා කළේ ද? එහෙත් දැන් මහින්ද යළි නැගිටීම තුළ තම පැරණි ‘මෝඩ්’ එකට යෑමට ජවිපයට ඇත්ත වුවමනාවක් ඇති වී තිබේ ද?

@මහින්ද පතිරණ (මුහුණුපොතෙන්)

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *