කුණු රසට ඉඩ නැති, TV කෑලි නැති,
කියන කතා නැති,
කාමය සහ ප්‍රචණ්ඩත්වයට තැනක් නැති,
ජාතික මට්ටමේ පුවත් සහ හරවත් ලිපි වෙනුවෙන් ම වෙන් වූ,
සිංහලයා පුවත්!
- 2002 සිට මේ දක්වා සයිබර් මාධ්‍යමය පරිණතබව..
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විනය පාලක සහ විනය ආරක්ෂක නිලධාරීන් විසින් එම විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය පීඨයෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් කායික සහ මානසික හිංසනයට ලක් කිරීමේ පුවතක් සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.
පසුගිය බදාදා (8 ) දිනයේ දී මෙසේ කායික සහ මානසික හිංසනයට ලක් වී ඇත්තේ පශු වෛද්‍ය පීඨයේ පළමු සහ දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් වන අතර එදින විනය පාලකවරයා, පශු වෛද්‍ය පීඨයේ ආචාර්යවරියක් ඇතුළු තවත් පිරිසක් විසින් සිසු සිසුවියන්ගේ ජංගම දුරකතන පැහැරගනිමින් පැය දෙකකට ආසන්න කාලයක් දෙ අත් ඔසවාගෙන සිටින ලෙස සිසු සිසුවියන්ට නියෝග කොට ඇත. එමෙන්ම පලමු වසර සිසු සිසුවියන් ව දණ ගස්වා තබා තිබෙන බව ද වාර්තා වේ.
එසේම, මෙම නිලධාරීහු සියළු සිසුවියන්ට කලිසම් අඳින ලෙස ද නියෝග කොට ඇති අතර මෙම සිදුවීම පුරාවට ම සිසු සිසුවියන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසෙන අයුරින් පරුෂ වචනයෙන් බැන වැදී තිබේ. විනය පාලනය මුවාවෙන් කෙරෙන මෙවන් අත්තනෝමතික ක්‍රියා පිලිබඳ ව සිසුන් විසින් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට කිහිප විටක් ම දැනුම් දී ඇතත් ඒ පිලිබඳ ව පාලනාධිකාරිය නිහඬ පිලිවෙතක් අනුගමනය කරන බව ද සිසුහු මැසිවිලි නගති.
– සිංහලයා පුවත්
Shortlink:
![]() |
||
![]() |
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විනය පාලක සහ විනය ආරක්ෂක නිලධාරීන් විසින් එම විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය…
December 10, 2016 / 2 Comments / Read Moreඋතුරු දකුණු "සංහිඳියාව" වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන්…
December 7, 2016 / No Comment / Read More
Sathya thathwaya nodena shishya sangam wala nayakayangen lath thorathuru maths sakas kala puwathaki.oya siddiya asin duty kenek washyen mahacharyawrun dedena niwardi bwa api tharaye prakasha krnnemu…….
මෙම සිදුවීම පිලිබඳ අපට ලද තොරතුරු ඒ අයුරින් ම වාර්තා කලෙමු. මෙහි ඇති කරුණු පිලිබඳ ප්‍රශ්ණයක් ඇතොත්, ඔබට හැඟෙන ලෙස නිවැරදි තොරතුරු තිබේ නම් අප වෙත එවන්න. ඒවා වෙනුවෙන් ද සිංහලයා පුවත් විවෘත යි!