අම්පිටියේ හාමුදුරුවන්ට දෙමළෙන් සිතාසි.. පරිවර්තකයෙක් නෑ.. නීතීඥයොත් නෑ..

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානාධිපති, පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වෙත මඩකලපුව අධිකරණය මගින් සිතාසියක් නිකුත් කොට ඇති බව වාර්තා වේ. දෙසැම්බර් 14 වෙනි දින මඩකලපුව මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස හැඟවෙන ලෙස එවා ඇති මෙම සිතාසි පත්‍රය සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවෙන් පමණක් ලියා ඇත.

“අම්පිටියේ සුමනරතන හිමි” යනුවෙන් පමණක් සිංහලෙන් දක්වා ඇති මෙම සිතාසියෙහි කරුණු සියල්ල දෙමළ භාෂාවෙන් පමණක් දක්වා ඇති නිසා එය පරිවර්තනය කර ගැනීමේ අපහසුතාවයක් ඇති බව ද සිංහලයා පුවත් ඒජන්සිය මීට සුළු මොහොතකට පෙර සුමනරතන හිමියන්ගෙන් කල විමසීමක දී සඳහන් කර සිටිය හ.

පසුගියදා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් මඩකලපුව ශ්‍රී මංගලාරාමය වෙත බෞද්ධ සමාජ ක්‍රියාකාරීහු රැසක් පැමිණීමට නියමිත ව සිටිය ද පොලීසිය මගින් කිසිදු සාධාරණ හේතු දැක්වීමක් සිදු නොකොට මඩකලපුව අවට සියළු මාර්ග අහුරා එම පැමිණීම වැලක්වන ලද අතර ආණ්ඩුව විසින් ඇති කල එම අනවශ්‍ය ප්‍රශ්ණයේ දිගුවක් ලෙස මෙම සිතාසිය හැඳින්විය හැකි බව ද උන්වහන්ස පැවසූ හ.

මේ අතර, දෙමළ භාෂාවෙන් පමණක් ලැබී ඇති මෙම සිතාසියේ සඳහන් ව ඇති කරුණු සිංහලට පරිවර්තනය කර ගැනීමේ අරගලයක නිරත වන උන්වහන්සේ වෙනුවෙන් නීතීඥ මහතෙකුගේ සහාය ද අවශ්‍ය වී ඇතත්, මේ වනතුරුත් කිසිවෙකු හෝ ඒ සඳහා ඉදිරිපත් වී නැති බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටිය හ.

මේ සම්බන්ධයෙන් උන්වහන්සේට සහාය වීමට කැමැති අයෙක් වෙතොත් 065 2222 104 හෝ 0771791883 දරණ දුරකතන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස සුමනරතන හිමියන් ඉල්ලීමක් කරයි.

සිංහලයා පුවත් ඒජන්සිය වෙත ලද අදාල සිතාසි පිටපත:

   

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *