වැඩි ආරක්ෂාවට “රක්නා ලංකා” ඈවර කෙරේ..

මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කල යෝජනාවක් අනුව මෙතෙක් ශ්‍රී ලංකා රජයට අනුබද්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන ආ රක්නා ලංකා ආරක්ෂක සමාගම ඈවර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අද පාර්ලිමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක දී මේ බව තහවුරු වූ අතර මෙතෙක් රක්නා ලංකා සමාගම විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙනුවෙන් මෙහෙය වූ ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරීමට ද නියමිත ය.

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින සාමකාමී වාතාවරණය යටතේ රජයට අයත් වෙනම ආරක්‍ෂක සේවාවක්‌ පවත්වාගෙන යැමේ අවශ්‍යතාවයක්‌ නොමැති හෙයින් මෙම තීරණය ගත් බව ද වැඩිදුරටත් වාර්තා වන අතර තවත් නිල නොලත් වාර්තාවකින් කියැවුණේ, ආණ්ඩුවේ ප්‍රබල නායකයින්ගේ ජීවිත ආරක්ෂාව තකා, අවි දරන ආයතන සීමා කරනු වස් මෙම තීරණය ක්‍රියාවට නැංවීමට තීරණය වී ඇති බවකි.

ආරක්ෂක හමුදාවන් සහ පොලීසියේ සේවයේ නියුතු ව සිට විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා රැකියා ලබාදීමේ ක්‍රමවේදයක් ලෙසත්, අවි පුහුණුව ලත් විශ්‍රාමික නිලධාරීන් ව පෞද්ගලික ආරක්ෂ සේවාවන් විසින් සේවා නියුක්ත කිරීම සීමා කිරීම සඳහාත්  ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සංකල්පයක් අනුව මෙම රක්නා ලංකා ආරක්ෂක සේවය පිහිටුවා තිබිණි.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *