EXCLUSIVE: හෙට උතුරේ හමුදා කඳවුරක් වටලන්න කතා? – කොටි සමරන්න උතුරේ පවුලකින් දෙදෙනෙකුගේ සහභාගීත්වය අනිවාර්ය කරමින් අත් පත්‍රිකා බෙදයි..

img_20161126_124624.jpgඑල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී නායක, වේළුපිල්ලෙයි පිරබාහරන්ගේ උපන්දිනය යෙදී තිබෙන සහ මියගිය ත්‍රස්තවාදීන් සිහිපත් කිරීම වෙනුවෙන් වූ මහවිරු සැමරුම හෙට එනම් නොවැම්බර් 27 වෙනිදා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ඇතුළු ඊලාම්වාදීන්ගේ මෙහෙයවීමෙන් උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශයන් හි පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් වාර්තා වේ.

ද්‍රවිඩ ජාතික සංධානයෙහි මැදිහත් වීමෙන් ද සිදු කෙරෙන මෙම සැමරුම් උත්සව සඳහා සෑම පවුලකින් ම අවම පමණින් දෙදෙනෙකුගේ සහභාගීත්වය අනිවාර්ය බව දන්වා ඊයේ සහ පෙරේදා දිනයේ යාපනය චුන්නාකම්, පලාලි සහ මිරුසුවිල් යන ප්‍රදේශයන්හි අත් පත්‍රිකා බෙදා හැර තිබූ බව සිංහලයා පුවත් ඒජන්සියට සම්බන්ධ ද්‍රවිඩ ආරංචි මාර්ගයක් විසින් වාර්තා කර සිටියේ ය.

මේ අතර හෙට පැවැත්වීමට නියමිත ත්‍රස්ත සැමරුම් පෙළපාලියක් අතරතුර ආරක්ෂක හමුදා කඳවුරක් වටලා යම් කිසි කලබලකාරී පසුබිමක් නිර්මාණය කර, ආරක්ෂක හමුදා වෙතින් ප්‍රහාරයක් එල්ල කරවා ගැනීමේ සැලැස්මක් පිලිබඳ ව ද යාපනය විශ්ව විද්‍යාලයෙන් ලැබුණු තවත් තොරතුරක් සඳහන් කරයි.

ඒ අනුව,
විදේශ මැදිහත්වීම්, ව්‍යවස්ථා සංශෝධන සහ පවතින වියවුල් සහිත දේශපාලන තත්වයන් අතරේ විරෝධතාකරුවන්ට ආරක්ෂක හමුදාවන්ගෙන් එවැනි ප්‍රහාරයක් තුලින් ජාත්‍යන්තර අවධානය තමන් වෙත යොමු කරවාගෙන, උතුරේ ඊලාම් රාජ්‍යය වෙනුවෙන් යන ගමන වේගවත් කිරීම අන්තවාදී දේශපාලන බලවේගයන් හි අරමුණ වී තිබේ.

උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශයන්හි රාජකාරියෙහි නිරත වන ආරක්ෂක අංශ වලට නියෝග ලැබී ඇත්තේ, හෙට පැවැත්වීමට නියමිත ව ඇති විරෝධතාවයන්ට බාධා නොකරන ලෙස යි.

හෙට උතුරු නගෙනහිර ප්‍රදේශයන්හි පැවැත්වීමට නියමිත මහවිරු ත්‍රස්ත සැමරුම් වලට සමගාමී ව ඉතාලිය, ස්වීඩනය, ප්‍රංශය, ඩෙන්මාර්කය, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල වෙසෙන ඊලාම්වාදීන් විසින් ද ඒ ඒ රටවල දී විරෝධතා පැවැත්වීමට නියමිත ව ඇතැයි වාර්තා වේ.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *