​ලංකාව නිසා ඇමරිකාව අයිඑම්එෆ් ප්‍රධානි ඩොමිනික්ගෙන් පළිගත් හැටි!

strauss-kahn_dominiqueඔබ ඇමරිකාවත් සමග යුධ සමයේ සබඳතා මොනවා ද?
යුද්ධය ඉවර කරනවාත් සමගම අපි මූල්‍ය අරමුදලට ගියා ණයක් ගන්න. හිලරි ක්ලින්ටන්, ඒ කණ්ඩායම අපට බාධක දැම්මා. මම රජය වෙනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සමග මූල්‍ය අරමුදලට ගියා. මුලින් ම අපි ගියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට. එතෙන්දී අපි නිග්‍රහ හා පරිභවවලට භාජනය කළා. එවන් හතුරුකමක් තිබියදීත් අපි වෙනත් රටවල් සමග කටයුතු කරමින් ණය මුදල ලබා ගත්තා. ඒ කොහොම වුනත් අරමුදල විසින් දාපු රටට විනාශකාරී කිසිම කොන්දේසියකට අපි එකඟ වුනේ නැහැ.

මම රාජ්‍ය දෙපාර්තුමේන්තුවට ගියාම ඒකෙ නිලධාරියෙක් මට ලංකාවේ ඉංග්‍රීසි පත්තරක් පෙන්නල කිව්ව” මේව කියන කොට අපි කොහොම ද ණය දෙන්නෙ කියල.” ඒ පත්තරේ තිබුණේ “අපි අරමුදලේ කොන්දේසිවලට යටත් වෙන්නෙ නැහැ” කියල මහින්ද ජනාධිපතිතුමා කියපු කතාවක්. කොන්දේසි නැතුව ණය දෙන්නෙ කොහොම ද කියල එම නිලධාරියා මගේ ඇහුවා. මම කිව්වා “අපට ණය නම් ඕන හැබැයි අසාධාරණ කොන්දේසි නම් බාරගන්න අපි සූදානම් නැහැ කියල.” ඒත් අපි ඒ ණය ගත්තා.

– බැසිල් රාජපක්‍ෂ

ඉහත ණය ලබා ගැනීමට අවසානයේ හැකි වුනත් ඒ කොහොම ද කියල බැසිල් කියල නැහැ. ඒත් එතන තිබෙනවා අපි බොහෝ දෙනෙක් නොදන්න කතාවක්. මේ ණය ගැනීම සඳහා ලංකාව (ඇත්තට ම බැසිල්) උපක්‍රමයක් යොදනවා. ඒ තමා මූල්‍ය අරමුදලට සම්බන්ධ යුරෝපීය රටවල් කීපයක් ඇමරිකාවෙන් කඩල අරගෙන අයිඑම්එෆ් බෝර්ඩ් එක හරහා ණය මුදල අනුමත කරගන්න. එතෙන්දී එවකට අරමුදලේ ප්‍රධානියා වූ ඩොමිනික් ස්ට්‍රවුස් කාන් නැමැති ප්‍රංශ ජාතික සමාජවාදීයා ලංකාවට උදව් කරනවා. ඔහුටත් අවශ්‍ය වෙලා තිබිල තියෙන්නෙ මූල්‍ය අරමුදල ඇමරිකානු ආධිපත්‍යයෙන් මුදව ගන්න. ඇමරිකානු විරෝධය තිබෙද්දීත් ණය මුදල අපට ලැබෙන්නෙ ඒ විදියට.

ඒත් මෙහි දී අවාසනාවන්ත දෙයක් සිදුවෙනවා. ඇමරිකාව-විශේෂයෙන් ම හිලරිගේ කණ්ඩායම අයිඑම්එෆ් ප්‍රධානියා වූ ඩොමිනික්ගෙන් පළිගන්න උපක්‍රමයක් යොදනවා. ඒ තමයි ඔහු ව නිව්යෝර්ක් හෝටලයක දී පැණි උගුලක් (කාන්තාවක්) අටවා ඊට කොටු කර ගැනීම. ඩොමිනික් මේකට අහුවෙනවා. අත්අඩංගුවට පත්වෙනවා. ඔහුට අයිඑම්එෆ් රැකියාව අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇමරිකාව ලංකාට මේ ණය දුන්න නිසා කොච්චර පළිගත්ත ද කියනව නම් පස්සේ අර ලංකාව වෙනුවෙන් මූල්‍ය අරමුදලෙදි කතා කරපු හැම නිලධාරියෙකුගෙන් පළිගන්නවා. ඔවුන් සේවයෙන් පහත හෙළනවා. හැබැයි ලංකාව ඩොමිනික් අතහරින්නෙ නැහැ. ඩොමිනික් ද රැකියාව අහිමි වුනේ ලංකාව වෙනුවෙන් පෙනී සිටිය හින්ද නිසා ඔහුට ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශක තනතුරක් හිමිවෙනාව.

ඉතින් ඇමරිකාව රාජපක්‍ෂලට පහර පිට පහර ගහන්න හේතුවත් මේක ඇතුළෙම තිබෙනවා.

– Mahinda Pathirana @ FB

 

මහින්ද පතිරණ මහතා විසින් සිය මුහුණුපොත ඔස්සේ තැබූ ඉහත සටහනට අදාල කොමෙන්ටුවක් ලෙස පල කොට ඇති පහත සටහන එක් කොට ඇත්තේ අකිල සිරිවීර නම් මහතෙකු විසිනි. එයද වැදගත් යැයි හැඟී ගිය හෙයින් මෙසේ සටහන් කරමු.

ඩොමිනික් ස්ට්‍රෝස් ඊළඟට පැමිණීමට නියමිතව තිබු ප්‍රංශ ජනාධිපතිවරෙනට ඉදිරිපත් වෙන්න උන්නේ. සර්කෝසි ඒ වෙනකොට ජනප්‍රියත්වය බැහැල වාමාංශික පිල නියෝජනය කරමින් ඩොමිනික් සැලකිය යුතු ප්‍රතිවාදිත්වයකට සුදනමකිනුයි ඉඳල තියෙන්නේ. NATO සහ යුරෝපා හවුලට ප්‍රංශය කියන්නේ ප්‍රභලම සලකුණක්. මේ සුදානම නිසාම ඔහුව ඉවත් කරන්න දියත් වෙන CIA මෙහෙයුමට ඔහු හසුවෙනවා. ඔවුන්ට ඇහුන් කන් නොදෙන ලෝකය පිළිගත් පුද්ගලයෙක් සහ වමාන්ශිකයෙක් ප්‍රංශ නායකයා වීමේ ඉරානය සහ රුසියාව වැටලීමේ මෙහෙයුමට මරු පහරක්.

කෙසේ නමුත් ඔහුගේ විධායක බලය යොදාගෙන ඔහු සිදුකර තීරණාත්මක අවසාන ණය අනුමත කිරීමක් ලංකාවට සිදුවුණා. ඒ වගේම ඊට සමාන්තරව දකුණු ඇමෙරිකානු කාලාපයටත් ඔහු හොදින් සැලකුවා. මෙය සිදුවෙන කාලවකවානුව මේ සිදුවීම් මම ඉතාම උනන්දුවෙන් නිරීක්ෂණය කරා. ජුලියන් අසාන්ගිටත් මේ theoryමයි apply කරේ.  කෙසේ නමුත් අසාන්ගි වර්තමාන ඇමෙරිකානු ක්‍රමය වෙනස් කරන්න key එක වුනා වගේම, ස්ට්‍රෝස් 2017 ජනාධිපතිවරෙනෙට ඉදිරිපත්වෙලා පත්වුනොත් EU සහ NATO fate එක වෙනස් කරන්නත් තීරණාත්මක මෙහෙයක් කරාවි. සත්‍ය ප්‍රමාද කළහැකි නමුත් විනාශ කලනොහැක කියන්නේ මේවට තමයි…

– Blocking Strauss-Kahn, the Presidential Candidate
http://www.globalresearch.ca/regime-change-at-the-imf-the-frame-up-of-dominique-strauss-kahn/24866

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *