ජනතා විරෝධය බලවත් වේ. .තව්හිද් ජමාත් ලොක්කාත් අත්අඩංගුවට ගන්නම වෙයි!

abd-rasik-sltjඅද දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අබ්දුල් රාසික් නැමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව ලබන 29වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් නියෝග කර ඇත.

ආගම් අතර නොසන්සුන්තාවක් වර්ධනය කරන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම මොහුට එල්ල වී ඇති චෝදනාව යි. බුදු දහමට මෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන ආකාරයේ ද්වේශ සහගත ප්‍රකාශ නිකුත් කිරීම නිසා ආගම් අතර නොසන්සුන්තාවක් ඇතිවීමට ඉඩකඩ ඇති බවද පොලීසිය විසින් අධිකරණයට වාර්තා කල සිටියෙ ය.

මේ අතර මෙම අන්තවාදී සංවිධානයට එරෙහිව කටයුතු කල සිංහල තරුණයෙක් ඊයේ දිනයේ දී කොටුව පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර එහිදී පොලීසිය අනුගමනය කල ක්‍රියා පිලිවෙත පිලිබඳ ව බොහෝ දෙනෙකුගේ අප්‍රසාදය පල විය.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *