ආබාධිත රණවිරුවන්ට එල්ල වූ ප්‍රහාරයට කොරියාවේ වෙසෙන ලක් පුතුන්ගේ විරෝධතාවක් සෝල් නුවර දී..

fb_img_1479238390427.jpgපොලීසිය විසින් පසුගියදා ආබාධිත රණවිරුවන්ට එල්ලකල තුච්ච නින්දිත ප්‍රහාරය හෙළාදැකීමේ  විරෝධතාවක් දකුණු කොරියාවේ සෝල් නුවර “සෝල් දුම්රියපොළ” ඉදිරිපිට අංඟනයේදී පසුගියදා පැවැත්විණි.

දකුණු කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් facebook සමාජජාළය හරහා දැනුවත් කීරීම තුළින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණු අතර අධික සීතල කාලගුණ තත්වයක් පවතින සෘතුවක් වුව ද සියල්ල නොසලකා කොරියාවේ දුර බැහැර ප්‍රදේශවල සිට දීර්ඝ දුෂ්කර ගමණකින් පසු සෝල් විරෝධතා රැලියට ඔවුන්ගේ සහභාගිත්වය කැපී
පෙනුනි.

මෙම විරෝධතාවය සංවිධානය කල එරට වෙසෙන ශ්‍රී ලාංකික තරුණ පිරිස තවදුරටත් මෙසේ ද සඳහන් කර සිටිය හ.

මවුබිමේ ව්‍යසනකාරී අවස්ථාවල සෘජුව ම නැගීසිටින සහ facebook ජාලයෙන් ඔබ්බට භූමියට බහින ජාතිහිතෛෂි ශ්‍රී ලාංකේය තාරුණ්‍යයක් කොරියාවේ ජීවත්වන බව දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් ගේ පිළිගැනීමයි. මේ කටයුත්ත සංවිධානය කිරීමට දායකවීමට ලැබීම අප ද කොරියානු ජීවිතයේ ලැබූ භාග්‍යයක් කොට සැලකිය හැකියි. හැමදාමත් කොරියාවේ ප්‍රගතිශීලී කටයුත්තක් කිරීමේදී රොඳ බැඳගන්නා කොරියාවේ සිවුකොන විසිරී සිටින සියලුම සහෘදයන්හට අපේ ගෞරවනීය ආචාරය පුදකර සිටිමු..

– මුහුණුපොතෙන්..

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *