කොටුව සහ වැල්ලම්පිටිය පොලීසි නිර්ලජ්ජිත වෙයි.. අන්තවාදීන්ගේ බහට බොදු හඬ නැගූ තරුණයා ව නීතිය නමා හිරේට දමයි..

fb_img_1479238557473.jpgපැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ කොටුව සහ වැල්ලම්පිටිය යන පොලීසි මගින් ප්‍රකට සිංහල බෞද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් නම් තරුණයා ව ඊයේ හවස අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට දින 10ක් රිමාන්ඩ් භාරයට පත් කොට ඇතැයි වාර්තා වේ.

මෙරට ශරියා නීතිය ස්ථාපිත කිරීම වෙනුවෙන් සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය මගින් අරමුදල් ලබන තව්හිඩ් ජමාත් නම් අන්තවාදී සංවිධානයේ නායක අබ්දුල් රසාක් නැමැත්තා විසින් කල පැමිණිල්ලකට අනුව සැණෙකින් ක්‍රියාත්මක වූ වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අදාල තරුණයාට දන්වා ඇත්තේ සවස 3ට වැල්ලම්පිටිය පොලීසියට පැමිණෙන ලෙස යි. ඒ අනුව පොලීසියේ පෙනී සිටි තරුණයාව අත් අඩංගුවට ගෙන කොටුව පොලීසිය වෙත රැගෙන ගොස් ඉතා සුළු මොහොතක් තුල උසාවියට ඉදිරිපත් කිරීමට තරම් කොටුව පොලීසියේ නිලධාරීන් කාර්යක්ෂම වී තිබුණි.

ඒ අදාල තරුණයා වෙනුවෙන් නීති සහාය ලබා ගැනීමට ද ඉඩක් නොතබා වීම ද සමාජයේ දැඩි ව කතාබහට බඳුන් වී තිබේ.. එමෙන්ම, එම තරුණයා විසින් ද අදාල මුස්ලිම් අන්තවාදීන්ගෙන් තමන්ට ඇති ජීවිත තර්ජන පිලිබඳ ව පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇතත්, මෙහිදී පොලීසිය ක්‍රියාත්මක වී ඇත්තේ අන්තවාදීන්ගේ පැමිණිල්ල ගැන පමණි.

මේ වෙනුවෙන් පෙනී සිටීමට නියමිත ව සිටි නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න සහ අනෙක් නීතීඥ මහතා කොටුව පොලීසියට පැමිණීමට පෙර ක්‍රියාත්මක වූ කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අදාල තරුණයා ව කොටුව මහේස්ත්‍රාත්, ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට පමුණුවන ලදු ව දින 10ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට ඇත.

අදාල අන්තවාදීන්ට විරුද්ධ ව ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ උසස් පොලිස් නිලධාරීන් විසින් එම සංවිධානයේ අබ්දුල් රාසික් නැමැති එම පුද්ගලයා වෙතට ම ගොස් ප්‍රකාශ සටහන් කර ගන්නා අතරේ, ඊයේ දිනයේ දී සිරගත කල තරුණයාට පොලීසියට විත් ප්‍රකාශයක් ලබා දෙන්නැයි නියෝග කිරීමේ සිදුවීමක් ද මීට සති කිහිපයකට පෙර වාර්තා විය.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *