අමරදේවයන්ගේ “සසර වසන තුරු” ගැයූ විදෙස් ගායකයා මෙසේද කියයි!

නැසීගිය හෙළයේ මහා ගාන්ධර්වයා වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් පිලිබඳ ව එතුමාගේ විදෙස් රසිකයෙකු මෙන්ම පණ්ඩිත අමරදේව මහතා ගේ ගීත කිහිපයක් ගායනා කර අන්තර්ජාලයට එක් කල කලාකරුවෙකු වූ, ජොස්කා ද ලැන්ජෙන් විසින් ගායනා කරනු ලැබූ “සසර වසන තුරු” සිංහලයා පුවත් මගින් පසුගියදා ප්‍රචාරය කලා.
එමෙන්ම, පණ්ඩිත් අමරදේවයන්ට උපහාර පිණිස ජොස්කා විසින් සිංහලයා පුවත් ඒජන්සියට එවූ වීඩියෝව (https://youtu.be/PpHoixkWEKE) සහ ඔහුගේ අදහස් වල සිංහල අනුවාදය ද පහතින් දැක් වේ.

මාගේ මිතුරෙකුගේ ඉල්ලීම අනුව අප අතරින් වියෝ වූ පණ්ඩිත් අමරදේවයන්ට උපහාර පිණිස යම් සඳහනක් කරන්නට මම කල්පනා කලා. ශ්‍රී ලංකාවේ ඔබට මෙන් අමරදේවයන්ගේ සංගීතය කුඩා කල සිට උකහා ගන්නට වරම් නැති වුවත් එතුමාණන්ගේ සංගීතය ගැන යමක් කියන්නට අවසර යි. පණ්ඩිත් අමරදේවයන්ගේ නාමය ශ්‍රී ලංකේය සංගීතය සමග බැඳී ඇති ආකාරයත්, එතුමාගේ වියෝව ඔවුනට දනෙන සංවේදී ආකාරයත් වෙබ් අඩවි වලින් මෙන්ම ලාංකික මිතුරන් සමග කල සංවාද හරහා මට වටහා ගත හැකියි.

මම පසුගිය මාසය පුරා දිනපතා ම වාගේ, අමරදේවයන්ගේ “ගිමන් හරින” ගීතය පුහුණු වීමට උත්සාහ කලා. එතුමාගේ මියුරු ලයාන්විත ස්වරයත් මනා හඬ පාලනයත් එම ගීතය හරහා ඉස්මතු වන ආකාරය අතිශයින් ම ආශ්වාදජනක යි. එම ගීතයට එතුමා මෙන් සාධාරණයක් කිරීමට මට නොහැකි වුණත්, එම ගීතය ගායනා කිරීමට උත්සාහ කරනවා. අමරදේවයන් බඳු යුග පුරුෂයෙක් නික්ම යාම සමග ශ්‍රී ලාංකේය සංගීතයේ හි පිරවිය නොහැකි හිස්තැන ගැන රසිකයෙකු ලෙස මම ද ශෝක වෙනවා. එතුමාගේ සංගීතය සමග හුරුපුරුදු ඔබට ඒ වේදනාව මට ද වඩා දැනෙනවා ඇති. අප අතරින් වෙන් වූ පණ්ඩිත් අමරදේවයන්ට මාගේ උපහාරය පුදමි.

අදාල පුවත් වාර්තා:
– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *