කොටින්ගේ රණවිරු මාසයේ දී ම රණවිරුවන්ට තලා ප්‍රභාකරන් පිදීම!

11_11_16_ssdm-imකොටි ත්‍රස්තවාදයේ තුප්පහි න්‍යායාචාර්යවරු ‘අභිමානවත්‘ ‘මහවිරු මාසයක්‘ සමරන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියහ. ජාතිය ආගම හා රට වෙනුවෙන් සිය ශරීරාංග පූජා කළ මිනිසුන් යුක්තිය ඉල්ලා වීදි බැස සිටිනු ඔවුහු දුටුවෝය. සිය බත්බැල රූකඩ පාලන තන්ත්‍රයේ කිරිජ්ජ පල්ලට පයින් ඇන්නේ ජීවත් වන්නට සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා පදික වේදිකාවේ යදින රණ විරුවන් තලන්නට ය.

සිංහල ලේ කඳුලු ඉල්ලන පිරබාහරන්ගේ වියරු රාස්ස දත් සනසනු පිනිස ඉල්ලා සිටි පරිද්දෙන්ම කඳුලු ගෑස් අධිපීඩන ජල ප්‍රහාර සියල්ල එල්ල විනි.

එසේ ආබාධිත ව සිටින සෙබලකුගේ පිහිටෙන් උන්ට තලන්නට අණදුන් තිරස්ඡීනයාගේ පටන් උන්ට තලන්නට ජල විදින හැසිරවූ තිරස්ඡීනයා දක්වා සියල්ලන් අර කාලකන්නි යුධ සමයේ රැකෙන්නට ඇත. යුක්තිය වෙනුවෙන් අයුක්ති සහගතව මරණයට නියමවූ සත්‍යගරුක පුද්ලයා නසන වෙනුවට තම ගෙළ සිඳගත් ගහලයින් වධකයින් ගැන අසා ඇත්තෙමු. එහෙත් සිය බඩ ගොස්තරය වෙනුවෙන් සියල්ල පාවාදෙන ලෝකය රුපියල් වලින්ම පමණක් පෙනෙන අධමයෝ උන්ට ගැසූහ. ඒ අසරණයෝ දුවතියි උන් සිතන්නට ඇත. යුක්තිය වෙනුවෙන් වීදි බට ඒ සිංහ පෝතකයෝ වනාහී දේසපාලුවන්ගේ දෙපා ලෙවකා සෙරෙප්පු සුප් බී කොළඹට වී ඇඳ හතරමායිමේ ආරක්ෂකයින් අඳවා නිදිවැද්ද තරු පටි කාරයෝ නොවූහ. යකකුටවත් බය නැති සිංහ පෝතකයෝ ම වූහ.

උපකතාව – 1
රණවිරුවන්ට කඳුලු ගෑස් ගැහුවේ නැතැයි වගකිව යුත්තකු පවසා තිබිණි. කාරණය සම්පූර්ණ ඇත්තය. ඒ ජලයට පිරිත් පැන් මිශ්‍රකර තිබුන බව කවුරුත් දන්නේ නැත. අනික අධි පීඩනයන් එල්ල කරනු ලැබ ඇත්තේ කිසිවකුත් මගනොහැර සියල්ලන්ටම හොඳටම සෙත් වන්නටය.

උපකතාව – 2
තමා කොළඹ සිටියා නම් රණවිරවන්ට ගසන්නට දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා පවසා තිබුණි. කොළඹ හිටියා නම් සරම කැහැපට ගසාගෙන බම්බුවක් ද ඇතැතිව අධිපීඩන ජල යන්ත්‍ර ඉදිරියට ස්පයිඩර්මෑන් මෙන් පනින එතුමා ඇද වැටෙන තුරුම සටන් කොට වැටී ටික වේලාවකින් අර හින්දි චිත්‍රපට වල ෂාරුක් කාන් මෙන් යලිත් වැටි වැටී නැගිට ගොස් මාරාන්තික තීරණාත්මක පහර කීපයකින් රණවිරුවන්ට ගැසූ අධමයන් පරසක්වල ගසා ලේ පෙරෙන දෑතින් මූහුනින් පැමින රණවිරුවන් බදා ගන්නා ක්ලයිමැක්ස් ජවනිකාව සිහිවී අපිට හැඬිනි.

– සිංහල සංගේදම @ මුහුණුපොත

 

අදාල පෙර පුවත්:

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *