Trump වතගොත : ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවේ චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපටියකත් ඉඳලා?

ඩොනල්ඩ් ට්‍රම්ප් රඟන චිත්‍රපටයේ රූපරාමුවක්..

ඩොනල්ඩ් ට්‍රම්ප් රඟන චිත්‍රපටයේ රූපරාමුවක්..

ගෙවීගිය සතිය තුල ලෝක දේශපාලනය මවිතයට පත් කරමින් වූ වැදගත් ම සිදුවීම තමයි ඇමරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් රිපබ්ලිකන් අපේක්ෂක දැනට 70 වියැති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වීම. එහිදී ට්‍රම්ප් විසින් ප්‍රාන්ත 290 ක බලය තහවුරු කර ගනිද්දී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ට ජයගත හැකි වූයේ ප්‍රාන්ත 228ක් පමණය.

විශේෂයෙන් ම ඇමරිකානු ජනපතිවරණ සටන අතරතුර රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තරම් විවේච්නයට ලක් වූ අපේක්ෂකයෙක් නැති තරම්. සී.එන්.එන්. ප්‍රමුඛ බටහිර මාධ්‍යවලින් බහුතරයක් පෙනී සිටියේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ට වාසි වන අන්දමින් වන අතර සමස්ථ මැතිවරණ ප්‍රචාරණය පුරාම ඔවුන් විසින් සිදු කෙරුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට අවාසි සහගත වන පරිදි සිදු කල “ප්‍රචාරණ” මෙහෙයුම් පමණ යි.  එහිදී, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එලි දක්වා තිබූ මැතිවරණ ප්‍රකාශයෙහි අඩංගු දෑ (විශේෂයෙන් ම විදේශ ප්‍රතිපත්තිය, සංක්‍රමණිකයින්ට එරෙහි ප්‍රතිපත්ති) පිලිබඳ ව මෙම ජාත්‍යන්තර මාධ්‍ය විසින් දියත් කල සැලසුම් සහගත මෙහෙයුමෙන් විවේචනයට පාත්‍ර වූයේ, ට්‍රම්ප්ගේ දේශපාලනය පමණක් ම නොවෙයි. ඔහුගේ පුද්ගලික කාරණා පවා ඉතා නිර්දය ලෙස විවේචනයට ලක් වුවත්, ඒ සියළු විවෙචනයක් සඳහා ම පිලිතුරු දීමට ට්‍රම්ප්ට සිදු වුණා.

අවසානයේ දී ඒ එක් එක් විවේචනයන් වෙනුවෙන් දුන් සෘජු පිලිතුරු හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණයේ මුල් අදියරෙහි ප්‍රතිවාදී අපේක්ෂිකාවට පක්ෂ වූ බොහෝ ඡන්ද ට්‍රම්ප් දෙසට විතැන් වූයේ, ඩිමොක්‍රටික් අපේක්ෂිකා, හිලරි ක්ලින්ටන් ට එල්ල වී තිබූ “මතබේදාත්මක ඊමේල් පණිවිඩ” පිලිබඳ චෝදනා හේතුවෙන් ඇයගේ අවංකත්වය පිලිබඳ දැඩි මතවාදයක් ඇමරිකානු සමාජය තුල උද්දීපනය වීම නිසාවෙන්. මේ අතර ට්‍රම්ප් සහ හිලරි අතර වූ විවාදයක දී ට්‍රම්ප් විසින් හිලරි ගේ මුහුණට ම පවසා සිටියේ, හිලරි ක්ලින්ටන් විසින් මෙතෙක් දැරූ සියළු නිලතල, වගකීම් සියල්ලම ගත්තත්, “හිලරි එතෙක් මෙතෙක් කතාවෙන් මිස ක්‍රියාවෙන් කල දෙයක් නැති” බව යි. ට්‍රම්ප් විසින් කල එම ප්‍රකාශය තමන්ට එරෙහිව හිලරි පාර්ශවය විසින් දියත් කොට තිබූ අවලාද අපවාද සපිරි දැවැන්ත ප්‍රචාරණ යාණ්ත්‍රණය එක වැකියකින් බිමට සමතලා කිරීමක් වුණා. මේ අතර ට්‍රම්ප්ගේ තරුණ කාලයේ සිට මේ දක්වා කාන්තාවන් සම්බන්ධ ව අඩු වැඩියෙන් පැවති සෑම සම්බන්ධකමක් පිලිබඳ ව ම තොරතුරු කරලියට පැමිණියත්, ඒවාට ද පිලිතුරු දීමට ට්‍රම්ප්ට සිදු වූවා.

මෙවන් තත්වයක් යටතේ, ට්‍රම්ප් විසින් මෙම සටන ජය ගැනීම පිලිබඳ ව ලෝක ප්‍රජාව තුල තිබුණේ සැකයක්. කොටින්ම, බටහිර සහ යුරෝපයීය රටවල අති බහුතරයක් නායකයින් විවෘත ව ම ට්‍රම්ප් ව විවේචනය කලේ, ඔහුව පිස්සෙක්ට සමාන කරමින්. කෙසේ වුවත්, ඇමරිකා එක්සත් ජනපදයේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් ලබන වසරේ මුල් කාර්තුවේ දී දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලාංකික සම නිෂ්පාදනයක් වූ චිත්‍රපටයක රංගනයට දායක වී ඇතැයි ඔබ දන්නවා ද?

ඒ,, 1989 වසරේ තිරගත වූ, ජෝන් ඩෙරෙක් විසින් අධ්‍යක්ෂණය කල Ghosts Can’t Do It චිත්‍රපට ය යි. මෙම චිත්‍රපටයෙහි සම නිෂ්පාදනය ප්‍රවීන ශ්‍රී ලාංකික සිනමාකරුවෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා විසින්. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පණ පොවන ලද්දේ, ඔහුගේ ම සැබෑ චරිතය ම වීම විශේෂයක්. තාක්ෂණික කරුණු නිසා එම රූපරාමු දෙවරක් රූ ගත කිරීමට සිදු වූ විට ද ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා කිසිදු පැකිළීමකින් තොර ව සතුටින් දායක වූ බව ද චන්ද්‍රන් රත්නම් මහතා පවසනව. ශ්‍රී ලංකාවේ ගාල්ල, මාල දිවයින සහ ඇමරිකාවේ රූගත කරන ලද මෙම චිත්‍රපටය සඳහා අපේ ප්‍රවීන නැසීගිය රංගධර, හෙන්රි ජයසේනයන් පවා රංගනයෙන් සහ තවත් ශ්‍රී ලාංකික ශිල්පීන් රැසක් නොයෙක් ක්ෂේත්‍රයන් ඔස්සේ දායක වී තිබෙනව.

ජනාධිපතිවරණ සටන ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ට ලැබූ අති මහත් සුබ පැතුම් ගොන්න අතරේ ශ්‍රී ලාංකික සිනමාවේදී චන්ද්‍රන් රත්නම්ගේ සුබ පැතුම ද නොවෙනවා වන්නට බැහැ.

– සිංහලයා පුවත්

 

චිත්‍රපටයට අදාල සියළු විස්තර පහත යොමුවෙන් ලබා ගත හැකියි.
www.imdb.com/title/tt0099656/fullcredits?ref_=tt_cl_sm#cast

Shortlink:

Share This Post

One Response to Trump වතගොත : ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවේ චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපටියකත් ඉඳලා?

  1. We are Buddhists and therefore we should not look at president elected ,Donald Trump with prejudices or preoccupied attitudes .As a country we have to respect him & verdict given by majority of American citizens .Friendships between Mr Trump and Mr.Chandra Rutnam is a bless .Trump will be different president but I wish he may not deviate from What President achieved in terms of mitigating the effects of the global warming .There is no go ahead for US if Trump will become greedy aboul coal and do away with recommendations of Paris climactic summit

Leave a Reply

Your email address will not be published. Required fields are marked *