​ඉන්දියානු කෙසෙල් ලෙල්ලෙන් පීළි පැන්නවූ ජවිපෙ

ඉන්දියානු ව්‍යාප්තවාදය පංති පහට ඇතුලත් කිරීමෙන්ම එදා ජවිපේ තිබූ ඉන්දියානු විරෝධය අවබෝධ කර ගැනීමට හැකිය.නවකයෙකුට ජවිපෙන් දෙන පළමු ඉගැන්වීම් අතරට මෙය ගෙන එමින් රෝහන විජේවීරයන් විසින් ඉතාම නිරවුල් ලෙස ඉන්දියානු අධිරාජ්‍යවාදයේ තරම ඔහු තේරුම් ගෙන සිටියේය.ඉන්දියාවද එදා ජවිපේ මැදිහත්වීමේ තරම පිළිබඳ නිවැරදි විග්‍රහයකට පැමිනෙන්නට ඇත්තේ ඉන්දියාණු සාම හමුදාවට ජවිපෙන් එල්ලවූ ප්‍රතිවිරෝධයත්,2004 වන තෙක් ජවිපේ භූමිකාවත් සැලකිල්ලට ගනිමින්ය.
එදා ජාතික ව්‍යාපාරය මුලුමනින්ම ජවිපේ විසින් ආක්‍රමනය කර තිබූ අතර එහි සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2004 මහ මැතිවරණයෙන් ජවිපේ ලැබූ සුවිශේෂ ජයග්‍රහණය විසින් සකල ආකාරයේ අධිරාජ්‍යවාදීන්ට හා උන්ගේ බැලයන්ට එල්ල වූයේ බලවත් පීඩනයකි.ඉන් කියවුනු සංඥාව ඔවුන් නිවැරදිව විග්‍රහ කරගෙන ඇති බව දැනුනේ රනිල්ගේ ප්‍රකාශයකිනි.එදා රනිල් වික්‍රමසිංහ තම සගයන් අමතා කල ප්‍රසිද්ධ දේශණයකදී කීවේ එජාපයට තරඟය ඇත්තේ ශ්‍රීලනීපය සමඟ නොව ජවිපේ සමඟ බවයි.

ඉන් කියැවුනු අමු යතාර්ථය නම් ඒ වනවිට ජවිපේ විසින් ජාතික බලවේග සියල්ල ඔවුන් වෙත ඇද ගනිමින් ශ්‍රීලනීපය ආක්‍රමණය කර තිබූ බව නොවේද?එය මහ පොළවේද යතාර්ථයක් වෙමින් වසර ගනන් පැරණි ශ්‍රීලනීප දැවැන්තයින් මනාප ලයිස්තුවේ පහළට ඇද දමමින් හා සමහරුන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්වමින් කිසිදා දැක නොතිබූ හා එතෙක් පුද්ගලික හෝ පොදු කටයුතුවලදී හමු නොවී තිබූ නවක ජවිපේ අපේක්ශකයින් මනාප ලයිස්තුවේ මුල් තැනට ගෙන ඒමට ජාතිකත්වය මුසුවූ වමාංශික ජනයා පෙළගැසුනි.

මෙය දේශපාලනිකව ඉතාම හොඳින් කියවාගත් නිසා තමයි  රනිල් වික්‍රමසිංහ තම සගයින්ට ඉහත සඳහන් ප්‍රකාශය් කර තිබුනේ.ඒ රනිල් හා රනිල්ගේ හාම්පුතුන් ජවිපේ ගමන කියවාගෙන තිබූ ආකාරයයි.

නමුත් අවාසනාව වන්නේ ඉතා සීමාකම් සහිත ඇතුලට නැමුනු මනස් සහිත ජවිපේ සමහර නායකයින් ඒ වන විට ප්‍රායෝගික ගැටළු ප්‍රමාණයකට මුහුණදෙමින් සිටියේ ලද ඇමතිකම් කිරීමට ගොස් ලැබූ අත්දැකීම් සමගය.කොයි වේලේ මේ ඇමතිකම් අත් හරිමිදෝයි වැලපෙමින් සිටි ජවිපේ නායකත්වය තමාගේ අඩුපාඩු හදා ගනිමින් සංවර්ධනය වී නව තත්වයට හැඩ ගැසෙනවා වෙනුවට අභ්‍යන්තරයට පලා යාමට තීරණය කරමින් සිටීම ඉන්දියාණු ඔත්තු සේවයටත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ උන්ගේ සට්ටැඹියන්ටත් කදිම ඉඩකඩක් ජවිපේ තුල නිර්මාණය කරන ලදී.

නායකත්වයට යාමේ ලඟ පාරවල් සොයමින් සිටි සමහරුන්ටත්,පොතේගුරුවාදී මෝල්වහන්සෙලාටත්,පක්ශය තුල ස්ථානගත් කර සිටි රෝ ඔත්තුකරුවනටත් කරල පැහෙන්නේ ඒ අනුවය.තානාපති කාර්‍යාල හරහා ලැබූ උපදෙස් අනුවත් ඉන්දියාවෙන් නැටවෙන සමහර මහ රාජාවරුන්ගේ සහයෝගයෙනුත් පක්ශය තුල සිටින ජාතිකත්වය නියෝජනය කරන බලවේග පන්නා දැමීමේ කුමන්ත්‍රණය ඇරඹෙමින් මහින්ද දිනවා ආණ්ඩුවට නොයා විපක්ශයට යෑමේ සටන ජයගන්නේ ඉන් අනතුරුවය.

2004දී රනිල් අභියෝගයක් ලෙස සැලකූ ජවිපේ ඉන් වසර කිහිපයක් යාමට මත්තෙන් එදා යුද්ධයට මහින්ද තල්ලු කල ජවිපේම යුධ ජයග්‍රහණය ආපසු හැරවීම වෙනුවෙන් අය වැය පරාද කිරීමට යෙදවීම දක්වා සහමුලින් කණපිට හැරවීමේ විකෘතිය තෙක් ගෙන ඒමට ඔවුන් සමත්වීම කොතරම් ඛේද්වාචකයක්දැයි ඔබට වැටහෙනු ඇති.

ඉන් නොනැවතී විමල් ප්‍රමුඛ ජාතිකවාදී බලවේගය එළියට යවා දුර්වල කිරීමෙන් අනතුරුව ජවිපේ මෙහෙයවූ පක්ශ අභ්‍යන්තර කේඩරයද ජවිපෙන් බිඳවීමට ඔවුනට හැකිවිය.ඉන් පසු ඉතුරු වූයේ තානාපති කාර්‍යාලවල පදයට නැටවෙන රනිල් වික්‍රමසිංහගේ ආවතේව කරුවන් හා ඔඩොක්කු කුක්කන් බව අමුතුවෙන් මෙරට ජනතාවට අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නොවන බව පැහැදිළිය.

ඉන් පසු මහ මැතිවරණයේදී හැඳිගෑවී යන ජවිපේ ජනතා ආකර්ශණය ආසන 39 සිට 3 දක්වා පහත වැටෙන්නේ ඉතාමත් දුක්මුසු ආකාරයටය.ඉන් පසු රනිල්ගේ සිරිකොත ආරක්ශක මුර බල්ලාගේ කාර්‍ය හැර අන් නළුවක් රඟන්නට අනුර කුමාර ප්‍රමුඛ නව ජවිපේට අව්ස්ථාවක් නොලැබෙන්නේය.එහි කූටප්‍රාප්තියට පැමිණෙමින් ආසන 47ක් තිබූ එජාප නායකයා අගමැති කරවීමට ජවිපෙට හැකිවන්නේය.මේ දෙස කොහේ හෝ බලා සිටියානම් රෝහන විජේවීර සහෝදරයා නැවත වරක් බොරැල්ලේ කනත්තේ විදුලි ආදාහනාගාරයට පනිනවාට කිසිදු සැකයක් නැත.

ජාතික බලවේග ප්‍රමුඛ වම හා එක්වූ විට ජවිපේ නැග්මත් රනිල් හා එක්වූ විට ජවිපේ තත්වයත් පසුගිය මැතිවරනයෙන් ජවිපෙට සහ සුද්දෙන්ම කියා දිනි.ජවිපේ වර්ණනා කරන ලද අන්ත දක්ශිණාංශික එජාප ප්‍රමුඛ බලවේගයේ එකදු ඡන්දයක්වත් ජවිපෙට ලබා ගැනීමට නොහැකි විය.ජවිපේ සමුළුවේ පහන පත්තු කිරීමට ආරාධනා ලද හෙළුවැලි මාස්ටර් මගෝඩි සුනිල් පෙරේරා පවා එජාපයේ වේදිකාව සරසා එජාපය දිනවිය යුතු බව කීම කෙතරම් හාස්‍යජනක මාරාන්තික විහිළුවක්ද?

එපමණකින් නොනවතින ඉන්දියානු ඔත්තු සේවාවේ රූකඩ වහල් ජවිපේ නායකත්වය ඇමරිකන් ආධාර ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු වූ ක්‍රිශ්මාල් වර්ණකුලසූරියලා පවා ජවිපේ ජාතික ලයිස්තුවට  දාගන්නේ රෙදි ඇඳගෙනදැයි අප නොඅසන්නේ ඔවුන් රෙදි නැතුව ඉන්නා බව දන්නා නිසාය.

අද ජවිපේ ක්‍රියා කාරකම් නිසා අසරන වී ඇත්තේ විදෙස් තානාපති කාර්‍යාලවලින් ඩොලර් ලබමින් ඒ ඩොලර් වලට උන්ගේ අවශ්‍යතා ඉටු කරමින් සිටි වැළි අමුණලා ඇතුළු එන්ජීඕ කාරයින්ය.එම රාජ්‍යනොවන සංවිධානවල කාර්‍යභාරය දේශපාලනය ලෙස සළකා පවරාගෙන ඇති ජවිපේ නායකයින් රනිල්ගේ ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ කමිටුවේ සම්භන්ධීකාරක වන්නේ ඒ නිසාය.
සැබෑ ලෙසම ජවිපෙට උරුමවූ අධිරාජ‍ය විරෝධී සටනත්,ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදය යන සටනත් සහමුලින්ම හැරදමා එජාපයේ තරුණ සංවිධානය වී ඇති ජවිපේ දැන් දැන් වඩා වැඩි සාර්ථක හැඳින්වීම වන්නේ ලංකාවේ විදෙස් ආධාර ලබන විශාලතම එන්ජීඕව බවයි.

ජවිපේ අද ප්‍රධානතම හතුරා ලෙස සලකන්නේ එදා තමන්ට ආසන 39ක්(ආසන 2ක් දන් දීමෙන් පසුවද.)ලබාදුන් ජාතිකත්වය ප්‍රමුඛ කොට ගත් වමේ ව්‍යාපාරය වීම තරම් ඛේදවාචකයක් තවත් ඇතිද?

– කැලුම් ජයසුමන (fb)

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *