දේශපාලන මැදිහත්වීම් ගැන කණගාටුයි. ආබාධිත රණවිරු විශ්‍රාම වැටුප ලබන වසරේ සිට..

Photo Credit: GettyImages (Sanka VIdanagama)

Photo Credit: GettyImages (Sanka VIdanagama)

ආබාධිත රණවිරුවන් සිය විශ්‍රාම වැටුප අහිමි කිරීමට විරුද්ධ ව සිදු කල විරෝධතාවය දඩමීමා කරගෙන ඇතැම් පිරිස් විසින් දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කිරීම ගැන කණගාටු වන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

ආබාධිත රණවිරුවන්ගේ සේවා විශ්‍රාම වැටුප පිලිබඳ ප්‍රශ්ණය පිලිබඳ ජනාධිපතිවරයා ක්‍රියා කරනු ලැබුවේ මෙයට මස තුනකට පෙර සිට ම බව පවසන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කරන්නේ, අර්බුදයට ලක් ව ඇති ආබාධිත සෙබළුන් සඳහා වූ මෙම සේවා විශ්‍රාම වැටුප ලබා දීම ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවෙනු ඇති බව යි. ඒ වැටුප් හා අනෙකුත් දීමනාවන්ට අමතර ව සහ මෙම නව රෙගුලාසි 2017 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා වලට ඇතුලත් වීමට නියමිත ය.

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවන් පැවැත්වෙද්දී, ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පා.ම. විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන්, පා.ම. උදය ගම්මන්පිල සහ සමස්ථ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වූ අතර ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර සිටින්නේ ඒ දේශපාලන වාසි තකා බව යි.

කෙසේ වෙතත්, මෙරට සියළු ජන කොටස් වලට පක්ෂ භේදයකින් තොරව නිදහසේ ජීවිත වීමට අවකාශ සැලසූ “රණවිරුවන්” ට පාරට බැස උද්ඝෝෂණය කිරීමේ තැනට පත් වූයේ කාගේ වරදින් ද?

– සිංහලයා පුවත්

වීඩියෝ උපුටා ගැනුම:
සම්පත් අතුකෝරල මුහුණුපොත

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *