මෙරට දකුණු ඉන්දීය ධීවර කොල්ලය අන්තවාදීන්ගේ මාෆියාවක්!

දකුණු ඉන්දීය ධීවරයන් මෙරට මුහුද සූරාකද්දී කොතෙක් කල් නිදා ඉඳිමු ද?

“ශ්‍රී ලංකාවේ ඉස්සන් සම්පත නෙලාගන්නා දකුණු ඉන්දීය ධීවර මාෆියාව විසින් ජපානය සහ යුරෝපා රටවල් වෙත ඒවා අපනයනය කරමින් සුවිශාල ධනස්කන්ධයක් ඉන්දීය ආර්ථිකය වෙත අද්දවා ගනිති..”

දකුණු ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාව අයත් මුහුදු තීරය වෙත පැමිණ මසුන් ඇල්ලීමේ ක්‍රමවේදය නිසා 2012 සිට මේ දක්වා නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින්ගේ ගණන 2800ක් බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇති අතර දිනකට මෙරට මුහුද ආක්‍රමණය කරන ඉන්දීය ධීවර බෝට්ටු ප්‍රමාණය දහස ඉක්මවන බව නාවික හමුදාවට සම්බන්ධ ආරංචි මාර්ග විසින් සිංහලයා පුවත් ඒජන්සිය වෙත වාර්තා කර සිටියේ ය.

2007/2008 කාලවකවානුවේ දී මෙම ලියුම්කරු විසින් නාවුක හමුදාවේ සහයෝගයෙන් තලෙයි මන්නාරම සහ කච්චතිවු දූපත් අවට කල මුහුදු සංචාරයක දී මෙම තත්වය පැහැදිලිව ම වාර්තා කල අතර එම සංචාරයට එක් වූ නාවික හමුදා ඩෝරා යාත්‍රාවේ තිබූ රේඩාර් තිරයේ සටහන් වූ, කුඩා කොල පැහැති තිත් දහස් ගණනකින් දක්වූයේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරය ආක්‍රමණය කල දකුණු ඉන්දීය බෝටුටු ප්‍රමාණය යි.

දශක ගණනාවක් තිස්සේ දකුණු ඉන්දීය දීවරයින් විසින් මෙරට මුහුදු සීමාව බලහත්කාරයෙන් උල්ලංඝනය කරමින් මෙරට මත්ස්‍ය සම්පත පැහැර ගැනීමට අමතර ව මෙරට ධීවරයින්ට පහර දීමේ සිදු වීම් ද බොහෝමයක් වාර්තා වී ඇති අතර දකුණු ඉන්දියාවේ සිට කෙරෙන මත්ද්‍රව්‍ය සහ හොරබඩු ජාවාරම මෙන්ම එවකට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අවශ්‍ය සැපයුම් ලබාදීම ද විය.

සැබවින් ම මෙම සිදුවීම් පිටුපස තිබෙන කතාන්දරය ඇසුවහොත් ඔබ විශ්මයට පත් වනු ඇත. මේ එම කතාන්දරය ඉතා සැකෙවිනි.

දකුණු ඉන්දීය ධීවර කර්මාන්තය විසින් සමස්ථ ඉන්දීය ධීවර ක්ෂේත්‍රයට ලබාදෙන වාර්ෂික දායකත්වය 12%ත් 20%ත් අතර විශාල අගයක් ගන්නා අතර දකුණු ඉන්දීය ධීවර කර්මාන්තය තනිකර ම රඳා පවතින්නේ “කෝටිපති මුදලාලි මාෆියාවක්” මත ය. දහස් ගණනක් වූ ලොකු කුඩා දකුණු ඉන්දීය ධීවර බෝට්ටු වලින් සියයට අනූවක ම හිමිකාරීත්වය දරන්නේ මෙම ඉහත කී කෝටිපති ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අතර ය. මෙම ව්‍යාපාරික මාෆියාව පිටුපස ධීවර කර්මාන්තයට අමතර ව, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම ද වන අතර මොවුහු දකුණු ඉන්දීය දේශපාලඥයින් සමග ද ඉතා කිට්ටු සබඳතාවයක් පවත්වන්නෝ වෙති. ඒ එම දූෂිත දේශපාලනය සඳහා නිරතුරු ව ව අරමුදල් පොම්ප කෙරෙන්නේ මෙම ව්‍යාපාරික මාෆියාව හරහා වන බැවිනි. දකුණු ඉන්දීය දේශපාලඥයින්ගේ ශ්‍රී ලංකා විරෝධී ප්‍රතිපත්ති වලට මෙය ද එක් සුවිශේෂී හේතුවකි.

දකුණු ඉන්දීය ආර්ථිකය තුල ධීවර කර්මාන්තය ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක් වන අතර 2007-2008 වර්ෂයේ තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයින්ගේ සමස්ථ අස්වැන්න මෙට්‍රික් ටොන් 559360ක් බව නිල වාර්තා අනුව පෙනී යයි. මෙම අස්වන්නෙන් අති මහත් බහුතරයක් යුරෝපීය, ඇමරිකාව සහ ජපානය වැනි රටවලට අපනයනය කිරීමෙන් ව්‍යාපාරිකයින් මෙන්ම දේශපාලඥයින් විසින් උපයන වාර්ෂික ආදායම අති විශාල ය. කෙටියෙන්ම කිවහොත්, දකුණු ඉන්දීය ආර්ථිකය තුල ධීවර ක්ෂේත්‍රයට හිමි වන්නේ ඉහල ම ස්ථානයකි.

කලාපීය ආරක්ෂක කාරණාවන්ට අමතර ව, ශ්‍රී ලංකාව තුල ද්‍රවිඩ රාජ්‍යයක් ස්ථාපිත කර තමන්ට නම්‍ය වන පාලනයක් ඇති කර ගැනීමටත්, මෙරට මුහුදු සීමාව අයිති කර ගැනීමටත් අඩු වැඩි වශයෙන් කෙරෙන කෙරෙන දකුණු ඉන්දීය උවමනාවෙහි හරය දැන් ඔබට පැහැදිලි ය. මෙනයින් ගත් කල, දකුණු ඉන්දීය දේශපාලඥයින් උනන්දු වන්නේ මෙරට අහිංසක ද්‍රවිඩ ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ වෙනුවෙන් නොවන බව දැන් ඔබට පැහැදිලි ය.

මේ අතර 1964 වසරේ දී අත්සන් කල සුප්‍රකට “සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම” අනුව ශ්‍රී ලංකාවට අයත් කච්චතිවු දූපත ඉන්දීය ධීවරයින් හට භාවිත කල හැක්කේ, ගිමන් නිවා ගැනීමට සහ පහසුකම් සපයා ගැනීමට පමණක් වුවත්, මේ වන විට කච්චතිවු අවට මුහුදේ තනිකර ම රජ කරන්නේ ඉන්දීය ධීවරයින් බව ඔබ දන්නෙහි ද?

පසුගිය වසරේ සිට මෙරට මුහුද අතික්‍රමණය කරන ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීමේ නාවික හමුදා ක්‍රියාන්විතයන් සියයට අසූවකින් පමණ අඩාල වී ඇති අතර නාවික හමුදාවට මේ සම්බන්ධයෙන් කෙරෙන බලපෑම් ද ඉතා ඉහල ය.

මේ අතර ඉන්දීය සහ මෙරට ධීවරයින් මුහුණ දෙනු ලබන ගැටළු පිලිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ස්වදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ මෙරට විදේශ ඇමති මංගල සමරවීර අතර ලබන සෙනසුරාදා සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත වුවත්, මෙම ගැටළුවේ ” නියම මූලය” සොයා ගෙන පිලිතුරු සෙවීමට ඔවුනට හැකිවේ ද?

– සිංහලයා පුවත්

 

මෙම කාරණය පිලිබඳ ව සිංහලයා පුවත් ඒජන්සිය විසින් පල කරන ලද පෙර වාර්තා:

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *