ඉතාලියේ භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයින්ට හානි නෑ..

දහතුන් වන සියවසට අයත් සුප්‍රකට බැසිලිකා දේවස්ථානයේ කොටසක් කඩා වැටී ඇති අන්දම.. (ඡායාරූප: සමන් ප්‍රේමතිලක, සිංහලයා පුවත් ඒජන්සිය වෙනුවෙන් )

දහතුන් වන සියවසට අයත් සුප්‍රකට බැසිලිකා දේවස්ථානයේ කොටසක් කඩා වැටී ඇති අන්දම.. (ඡායාරූප: සමන් ප්‍රේමතිලක, සිංහලයා පුවත් ඒජන්සිය වෙනුවෙන්)

ඊයේ දින මධ්‍යම ඉතාලියේ හට ගත් රිච්ටර් පරිමාපකයේ 6.6ක් ලෙස සටහන් වූ දරුණු භූ චලනයෙන් විපතට පත් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් පිලිබඳ ව මෙතෙක් වාර්තා වී නැතැ යි, රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් ඒජන්සිය වෙත පවසා සිටියේ ය.

මාස තුනක් ඇතුලත ඉතාලියේ හට ගත් සිව් වන භූමිකම්පාව මෙය වන අතර පසුගිය අගෝස්තු 24 වෙනිදා හට ගත භූමිකම්පාවෙන් මිය ගිය පිරිස තුන් සියය ඉක්මව යි. ඊයේ හට ගත් භූ චලනය වූ නෝර්සියා ප්‍රදේශය මේ වන විටත් එකම සුන්බුන් ගොඩක් සේ දිස් වන අතර භූ චලනයත් සමග ම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යාම හේතුවෙන් බොහෝඅ ජීවිත හානි මෙවර අඩු වීම ද විශේශයක් බව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් සිංහලයා පුවත් ඒජන්සිය සමග පවසා සිටියේ ය.

මේ අතර රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉල්ලා සිටින්නේ, විපතට පත් ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු තිබේ නම්, 0039 3421254777 අංකයට දැනුම් දෙන ලෙස යි.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *