බුද්ධ ශාසනයට ප්‍රමුඛස්‌ථානයහිමි නොවන්නේ මෙහෙමයි!

buddhism in sri lanka!වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තීන් හැසිරවෙන්නේ ලෝක බලවතුන්ගේ සම්මතයන් අනුව බව නොරහසකි. එවිට රටේ පාලකයා බුදුදහමට අනුව සිය ප්‍රතිපත්ති ගළපා ගනු ඇතැයි අපට බලාපොරොත්තුවක්‌ තැබිය නොහැකිය. මත්ද්‍රව්‍ය පැතිරවීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම ගව ඝාතනයට අවශ්‍ය බලපත්‍ර ලබා දීම මානව අයිතිවාසිකමක්‌ සේ සලකා බැලීම මේ ප්‍රතිපත්ති අතර වෙයි. කැසිනෝ වැනි සූදු ප්‍රවර්ධනයට රටේ වෙනම ස්‌ථාන වෙන් කිරීම එයට බදු සහන ලබා දීම නව වෙළෙඳ පළ ආර්ථිකය අනුව රජයේ ප්‍රතිපත්තියකි. නමුත් මේවා බුදුදහමේ හර පද්ධතියට පටහැනි වේ. වේවැල්කැටිය වැනි සෙල් ලිපි වල සත්ව ඝාතනය තහනම් කර ව්‍යවස්‌ථා පනවා තිබෙන්නේ එහෙයිනි.

ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ ආගම විග්‍රහ කරන අවස්‌ථාවේදී බුද්ධ ශාසනයට තිබෙන ප්‍රතිපාදන කුමක්‌දැයි සඳහන් කර ඇත. එම තත්ත්වයෙහි මූලාරම්භය 1815 සිංහලේ බ්‍රිතාන්‍ය ගිවිසුමයි. ලංකාවේ කිරුළ වෙනත් රාජ්‍යයක අන්‍යාගමික නරපතියකු යටතට පත් කරන ලද අවස්‌ථාවක එවැනි වගන්තියක්‌ ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය විය. වසර දෙදහස්‌ තුන්සීයක පමණ සිට භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක, උපාසිකා යන සිවු වැදෑරුම් පිරිස ඇතුළත් බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීමත් බුදු දහමේ උගන්වන මූලධර්මයන් අනුව රට පාලනය කළ යුතු බවටත් පැවති සම්ප්‍රදාය විසින් මෙයට අවශ්‍ය පදනම සකස්‌ව තිබුණි. නිදහසින් පසුව ස්‌වදේශික පාලනයක්‌ රට තුළ ස්‌ථාපිත වුවද 1948 න් පසු එය එලෙස සිදු නොවීය. එහිදී භික්‌ෂූන් වහන්සේලා සහ අනගාරික ධර්මපාලතුමාගේ මග පෙන්වීම මත පණ පෙවුණු ජාතික නායකයන් එක්‌ව අඛණ්‌ඩ අවිච්චින්න මෙම සම්ප්‍රදාය පවත්වාගෙන යායුතු යෑයි රජයට බල කර සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ 1972 ව්‍යවස්‌ථාවට බුද්ධ ශාසනය පිළිබඳ නව වන වගන්තිය ඇතුළත් වීමයි.

සිංහලයන්ගේ මෙම බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය ව්‍යවස්‌ථා කරන ලද සෙල් ලිපි කීපයක්‌ද අපට දක්‌නට ඇත. වේවැල් කැටිය ලිපිය, මිහින්තලා ලිපිය, බදුලු ටැම් ලිපිය, වෙස්‌සගිරි ලිපිය, ඡේතවන විහාරය අසල තිබෙන සෙල් ලිපිය, කසුප් රජුගේ පුවරු ලිපිය මෙහිදී මූලික වෙයි. නොබෝසත්හු නොරඡ් වම්හ යනු වෙන් ශිලා ලිපියක කරන සඳහන ද මෙහිදී සිහිපත් කළ යුතුය. දස රාජ ධර්මයට අනුව රට පාලනයට නරපතියන් කටයුතු කළ යුතු බවත්, රජු බෝධිසත්ව වරයෙකු ලෙසට රාජ්‍ය විචාල යුතු බවටත් එහි දැක්‌වේ. පැරණි බෝධි සත්ව රූපයන් තුළ මකුටයේ බුදු රුවක්‌ දක්‌නට ඇත. එසේම රාජ අභිෂේකයේදී රජු නාථ දේවාලයේ බෝධිසත්ව රූපය ඉදිරියේ සිය දිවුරුම ප්‍රකාශයට පත් කළ යුතුය. රජුගේ අභිධානය පළඳවන්නේද එහිදීය. මෙවැනි සම්ප්‍රදායක්‌ අනුරාධපුර යුගයේදී උච්ච අවස්‌ථාවට පැමිණ ඇත්තේ දිගින් දිගටම පැමිණි සතුරු කරදර හා ආක්‍රමණ හමු වේ බුදු සසුන රැකගැනීම ප්‍රමුඛ වගකීම වී තිබූ හෙයින්ය. එA අර්ථයෙන් ගත් කල්හි 1815 දී ගිවිසුමේ පස්‌වන වගන්තියත් 1978 ව්‍යවස්‌ථාවේ නව වන වගන්තියත් බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් වී තිබීම සාධාරණ වෙයි.

මේ තත්ත්වය මෙසේ වුවද 1817 ජාතික විමුක්‌ති අරගලයෙන් පසුව උඩරට ගිවිසුම සංශෝධනය කරන ලද බව අප සිහිපත් කළ යුතුය. අන්‍ය ආගම් වලටද යම් ස්‌ථානයක්‌ හිමි විය යුතු බවට එහි දක්‌වන ලදී. ලංකාවට නිදහස ලැබෙන්නට ආසන්න අවස්‌ථාවේ තිබූ ව්‍යවස්‌ථාව අනුවද එලෙසම විසි නව වන වගන්තිය යටතේ අන්‍ය ආගම්වලට හිමි ස්‌ථානය දක්‌වා ඇත. 1948 න් පසු 1978 දක්‌වා ඇති වූ ව්‍යවස්‌ථා විකාශනයේ දී ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන ලද මූලීක අයිතිවාසිකම් මානව හිමිකම් ආදී ලෝක සම්මතයන් උඩ මේ තත්ත්වය තව දුරටත් සංකීර්ණ වී ඇත. එම නිසා විහාරස්‌ථාන ප්‍රතිසංස්‌කරණය බෞද්ධ අධ්‍යාපනය දළදා මාළිගයේ කටයුතු සහ මහානායක හිමිවරුන්ගේ සාම්ප්‍රදායික කටයුතු ඇරණු කොට බුද්ධ ශාසනයේ සිවු වැදෑරුම් පිරිස කෙරෙහි ශ්‍රද්ධා භක්‌තියෙන් මෙන්ම බුදු දහමේ හර පද්ධතිය ගැඹුරින් වටහා ගෙන වත්මන් රාජ්‍ය සම්ප්‍රදාය සකස්‌ කිරීම තව දුරටත් පමා වෙමින් පවතී.

දැන් නව රජය යටතේ නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය ඉස්‌මතු කරමින් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පත් කර ඇත. එහිදී විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම, ප්‍රමුඛව සංශෝධන රාශියක්‌ කිරීමට යෝජිතය. ව්‍යවස්‌ථාව සඳහා මහජන අදහස්‌ විමසීම සම්බන්ධ වාර්තාව එහි සම්පාදක මණ්‌ඩලයේ එAක පාක්‌ෂික අදහස්‌ මත සැකසුණු අතර උතුර සහ නැගෙනහිර දේශපාලනඥයන්ගේ බෙදුම්වාදී අදහස්‌වලට එහි ප්‍රමුඛ තැනක්‌ හිමිවූ බව පැහැදිලි විය. ඔවුන් ගෙන් මතුවූ අදහස්‌ අනුව රට අනාගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීම, ජාතික කොඩිය වෙනස්‌ කිරීම, ජාතික ගීය වෙනස්‌ කිරීම ආදී කරුණු ගැඹුරින් සාකච්ඡා වී ඇත. දැනටමත් උතුරු පළාතේ ජාතික ගීය දෙමළෙන් ගායනා කරන අතර උතුරේ දේශපාලනඥයන් සිය උත්සව අවස්‌ථාවවලදී ජාතික කොඩිය එසැවීම ප්‍රතික්‌ෂේප කර තිබේ. දහතුන් වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ලබා දුන් පළාත් සභා ඉක්‌මවා උතුර සහ නැගෙනහිරට බලතල ලබා දීය යුතු බවටද නිර්දේශ ඉදිරිපත්ව ඇත. එම නිසා රජයේ දේශපාලනඥයන් කුමක්‌ කීවද සකස්‌ වන ව්‍යවස්‌ථාව තුළ පළමුව බෙදුම්වාදයද දෙවැනුව රටේ ඓතිහාසික සම්ප්‍රදායද ව්‍යවස්‌ථානුකූල වෙනස්‌ කිරීමට භාජනය වී මේ ඉඩකඩ විවෘතව ඇත. 1978 ව්‍යවස්‌ථාව තුළ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක්‌ ලෙසට පිළිගැනීම සහ ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශ පිහිටුවීමත් සමගම රටේ විහාරස්‌ථාන ඉඳි කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා සේම අන්‍ය ආගමික ස්‌ථානවලටද රාජ්‍ය අනුග්‍රහය හිමිකර වීමේ ඉඩකඩ විවර විය. එහි උච්චතම අවස්‌ථාව පසුගිය දි.මු. ජයරත්න ඇමැතිවරයාගේ පාලන සමයයි. රටේ සියලු ජනතාව බදු මුදල් ගෙවීම් කරති. එම බදු මුදල් සංවර්ධන කටයුතුවලදී පරිහරණය කිරීමේදී කිසිම අසමානතාවයක්‌ නොමැතිව ලබා දිය යුතු යෑයි වත්මන් රජය මෙන්ම ඇතැම් සිවිල් සංවිධාන සිතන බව පෙනේ. ලංකාවේ ජන අනුපාතය අනුව සිංහල බෞද්ධයන් වැඩි පිරිසක්‌ නම් එම බදු මුදලින් වැඩි කොටසක්‌ ගෙවනු ලබන්නේ ඔවුන් බව සියලු දෙනට අමතක වී ඇති බව පෙනේ. එහිදී පුරවැසියන් ලෙසට සමානව කටයුතු කළ යුතු වුවද ආගමික ප්‍රදානයන් කිරීමේදී සමානව කටයුතු කිරීම කෙතරම් යුක්‌ති යුක්‌ත දැයි කල්පනා කළ යුතුය.

වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තීන් හැසිරවෙන්නේ ලෝක බලවතුන්ගේ සම්මතයන් අනුව බව නොරහසකි. එවිට රටේ පාලකයා බුදුදහමට අනුව සිය ප්‍රතිපත්ති ගළපා ගනු ඇතැයි අපට බලාපොරොත්තුවක්‌ තැබිය නොහැකිය. මත්ද්‍රව්‍ය පැතිරවීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම ගව ඝාතනයට අවශ්‍ය බලපත්‍ර ලබා දීම මානව අයිතිවාසිකමක්‌ සේ සලකා බැලීම මේ ප්‍රතිපත්ති අතර වෙයි. කැසිනෝ වැනි සූදු ප්‍රවර්ධනයට රටේ වෙනම ස්‌ථාන වෙන් කිරීම එයට බදු සහන ලබා දීම නව වෙළෙඳ පළ ආර්ථිකය අනුව රජයේ ප්‍රතිපත්තියකි. නමුත් මේවා බුදුදහමේ හර පද්ධතියට පටහැනි වේ. වේවැල්කැටිය වැනි සෙල් ලිපි වල සත්ව ඝාතනය තහනම් කර ව්‍යවස්‌ථා පනවා තිබෙන්නේ එහෙයිනි. පසුගිය කාලයේදී ලංකාවේ පෙරහැර සම්ප්‍රදායට පණ දෙන අලි ඇතුන් රාශියක්‌ අත්අඩංගුවට පත් විය. චෝදනාව නම් බලපත්‍ර නොමැතිකමයි. 2009 වසරේ සිට අලි ඇතුන් පොදු දේපළක්‌ ලෙසට සැලකේ. නමුත් එයට පෙර අලි ඇතුන් අපගේ ශාසනික සම්ප්‍රදායට අයත් පොදු වස්‌තූන්ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය මුල් අවදියේදී ප්‍රතිසංස්‌කරණ කටයුතුවලදී අලි ඇතුන් යොදා ගනු ලැබූවේ අලි අයිති කරුවන් සතුව පුහුණු සතුන් පිරිසක්‌ සිටි බැවිනි. එයද බුද්ධ ශාසනයේ පොදු වස්‌තූන් ගෙන් ලබා ගත්තකි. අලි ඇතුන් ගේ හැසිරීම් රටාව පවා ශාසනික සම්ප්‍රදායට අනුකූලව හැඩ ගස්‌වා ගෙන තිබුණි. එවිට අලි ඇතුන් අත්අඩංගුවට පත් කිරීම සම්බන්ධයෙන් කිව යුත්තේ රජය බුද්ධ ශාසනයට හිමි ප්‍රමුඛත්වය එහිදී අහෝසි කර ඇති බවයි. අලි ඇතුන් වෙළෙඳාමේදී යම් අක්‍රමිකතාවයන් සිදු විය හැකිය. එලෙස සිදුව ඇත්තේද 1980 දශකයෙන් පසු විවෘත වූ බුදුදහමට විරුද්ධ ආර්ථික ප්‍රතිපත්ති යටතේ ඇති වූ පාදඩකරණය නිසයි. රජය මෙහිදී සැබවින්ම කළ යුතුව තිබුණේ සියලු අලි ඇතුන් නැවත බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කොට යම් විධිමත් බලපත්‍ර ක්‍රමයක්‌ සකස්‌ කර දීමයි. මේ සාධාරණ තර්ක අධිකරණයේදී පවා ඉදිරිපත් කරන්නට නොහැකිව පවතින්නේ වත්මන් ව්‍යවස්‌ථාවේ නව වන වගන්තිය හරිහැටි අර්ථ විග්‍රහ කොට නොමැති බැවිනි.

ලංකාව වටා තිබෙන පුරාවිද්‍යා ස්‌ථාන ගැන සලකා බැලුවහොත් බුදු පිළිමයක්‌ ස්‌ථූපයක්‌ නොමැති තැනක්‌ නැති තරම්ය. බෝධීන් වහන්සේ රෝපණය කළ ස්‌ථාන විශාල සංඛ්‍යාවක්‌ තිබේ. මේ සියල්ල බුද්ධ ශාසනයට අයත් වස්‌තූන්ය. එAවා අද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වුවද වැඳුම් පිදුම් කිරීමට සහ එA අසලින් විහාරස්‌ථාන තැනවීමට ඇති අයිතිය කඩ කළ නොහැකිය. නමුත් උතුරු පළාත භාර මහ ඇමැතිවරයා සහ එහි ඇතැම් දේශපාලන සංවිධාන බුදු පිළිම තැබීම විහාරස්‌ථාන ඉඳිකිරීමට විරෝධය පළ කරයි. එසේම පුරාවිද්‍යාව විසින් මෑතකදී ගවේශණයෙන් හඳුනාගත් බෞද්ධ සිද්ධස්‌ථාන රක්‌ෂිත හෝ ස්‌මාරක වශයෙන් ගැසට්‌ කිරීමට උතුරු පළාතේ නිලධාරීන් බාධා පමුණුවයි. දහතුන් වන ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය ෆෙඩරල් ආණ්‌ඩුක්‍රමයක්‌ නව ව්‍යවස්‌ථාව තුළින් එළියට පැමිණ සම්මත වුවහොත් මේ සියලු බුදු පිළිම ඉවත් කිරීමටද සිදු විය හැකිය. එවිට එම ප්‍රදේශවලින් බුද්ධ ශාසනයට තිබෙන ප්‍රමුඛස්‌ථානය ඉබේම අහෝසි වෙයි. රජය මේ අවස්‌ථාවේදී කතිකාවත් පනත් විහාර දේවාලගම් පනත් ආදී බෞද්ධ සංස්‌කෘතියට අවශ්‍ය දේ පිළිබඳ නීති රීති සකස්‌ කිරීමට වැඩි උනන්දුවක්‌ දක්‌වන්නේ සැබෑවටම රටේ සිදුවන බෞද්ධ සංහාරය වසන් කිරීමටයි. බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම උද්ඝෝෂණවලට තහනම් නියෝග ගැනීම වැනි දේ මීට උදාහරණ වෙති. දැනට හඳුනාගත් විහාරගම් හයසිය නමයකි. දේවාලගම් පන්සිය හතළිස්‌ තුනකි. එවායේ ඉඩම්වලින් සෑහෙන කොටසක්‌ අන්‍ය ආගමිකයන් සතුය. මහනුවර නගරය උදාහරණයට ගත හැකිය. එම ඉඩම් තුළ අන්‍යාගමික යාඥා ස්‌ථාන පවත්වාගෙන යමින් සතුන් ගේ බිලිපූජාද පවත්වන බව නොරහසකි. රජය සැබවින්ම කළ යුත්තේ මෙම ස්‌ථාන වල සිදු කරනු ලබන බිලි පූජා පළමුව තහනම් කිරීමයි. දෙවනුව බෞද්ධ සංස්‌කෘතියට අනුගත විය හැකි වන පරිදි අන්‍යාගමිකයන්ට නීති පැනවීමයි. එවිට තම ආගම් අදහමින්ම බුද්ධ ශාසනයට ගෞරව කිරීමට පෙළඹීමක්‌ ඇති වේ. අනුරාධපුරයේ තිබෙන පස්‌වන කසුප් රජුගේ පුවරු ලිපියෙහි නවවන වගන්තියෙහි මීට අවශ්‍ය ප්‍රතිපාදන දක්‌වා ඇත. (ආයුධ භීතිය පහකර නානා ජාතිකයන් නොයෙක්‌ සේ බුදුන්ට සම්බන්ධ කර) අවංකව බුද්ධ ශාසනයේ චිරස්‌ථිතියට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ නම් මේ ගමන යා යුතුය.

මතුගම සෙනෙවිරුවන් (දිවයින)
– Photo Credit: afp getty

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *