ඕමානයේ සේවය කරන අපේ අය ගැන අවබෝධතා ගිවිසුමක්

ඕමානයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සුබසාධනය තහවුරු කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කර ඇත.

ඊයේ (13) රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත්තේ ඇමති ඩිලාන් පෙරේරා කළ යෝජනාවකට අනුවය.

මේ වනවිට 25000ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඕමානයේ රැකියා කරති. ඒ අතුරින් බහුතරයක් ගෘහ සේවිකාවන්ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, බහරේනය, ජෝර්දානය හා කුවේට් යන රටවල් සමඟ මෙවැනි අවබෝධතා ගිවිසුම් රජය මේ වනවිටත් අත්සන්කර ඇත.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *