ජනපති කටාර් රාජ්‍යයේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ කටාර් රාජ්‍යය බලා පිටත් ව ගොස් ඇත්තේ 12 වැනි දෝහා ආර්ථික සමුළුට සහභාගී වීමට බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඊයේ (19) රාත්‍රියේ කටාර් රාජ්‍යයට ළඟා වූ ජනපති අද (20) දෝහා ආර්ථික සම්මේලනයේ 12 වන සැසිය අමතා දේශනයක් පැවැත්වූ බව ද කටාර් එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි හමුවී සාකච්ඡා කළ බව ද වාර්තා වේ.

කටාර් රාජ්‍යය මෙරටේ අමෙරිකානු ඩොලර් බිලියනයක ආයෝජන සිදු කිරීමට සූදානම් බව එහිදී පැවසුණු බව ද මේ සංචාරය සාර්ථක එකක් බව ද රජය පවසයි.

සංචාරය නිමවා ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන විට සරත් ෆොන්සේකා නිදහස් කර තිබෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *