විදේශ ඇමති ජී.එල්. පීරිස් සවුදි ගිහින්..

ශ්‍රී ලංකා රජයේ විශේෂ පණිවිඩ කිහිපයක් රැගත් විදේශ කටයුතු ඇමති, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සවුදි අරාබියේ නිල සංචාරයක නිරත වී සිටින බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී සවුදි අරාබි විදේශ කටයුතු පිලිබඳ වැඩ බලන ඇමති, අබ්දුලසීස් බින් අබ්දුල්ලා කුමරු, සතාම් බින් අබ්දුලසීස් කුමරු එරට “ෂෝරා කවුන්සිලයේ” ප්‍රධානී, අබ්දුල්ලා අල් අශේක් යන මහත්වරුන් සමග ද්වී-පාර්ශවික කරුණු පිලිබඳ ව ඇමති පීරිස් මහත සාකච්ඡා කොට ඇති අතර එම අවස්ථාවට සවුදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද එක් ව තිබේ.

ශ්‍රී ලංකාව සඳහා සහනදායී පදනමක් මත තෙල් ලබා ගැනීම, රිසානා නෆීක් ගේ ප්‍රශ්ණය සහ ශ්‍රී ලංකාවේ දැනට විවර වී ඇති ආයෝජන අවස්ථා පිලිබඳ ව ද මෙම රාජ තාණ්ත්‍රික සාකච්ඡා වල දී ප්‍රමුඛ ස්ථානයක් හිමි වී ඇති බැව් සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් එහි සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියා විසින් වාර්තා කර සිටියි.

මේ අතර මෙම වසර ඇතුලත ඉහලම මට්ටමේ සවුදි රාජ තාණ්ත්‍රිකයෙකු ගේ ශ්‍රී ලංකා සංචාරයක් ද සිදු වන බවට විශ්වාසය පල වී ඇත.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

One Response to විදේශ ඇමති ජී.එල්. පීරිස් සවුදි ගිහින්..

  1. please ask gl to get permission for build a buddist temple in soudi arabia(after begging sir money)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *