ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට විශේෂිත අයිතියක් නැහැ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව විශේෂ අයිතියක් බලාපොරොත්තු නොවිය යුතු බවත්, චීන – ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධව ඉන්දියාව කණස්සලු නොවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ මහතා විසින් පැවසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

“ඉන්දියාව හා චීනය සමග ශ්‍රී ලංකාවේ රාජ තාන්ත්‍රික සබඳතා පවතින්නේ බොහෝ කලක සිටයි. අප රටවල් තුනෙහි භූගෝලීය පිහිටීමත් එයට බලපෑ තවත් සාධකයක්. රටවල් දෙකම අප හා ඉතා මිතුරුයි. ඒ නිසා චීනය සමග ඇති සබඳතා වර්ධනය වීම පිළිබඳව ඉන්දියාව කණස්සලු වීමට අවශ්‍ය නැහැ. රටවල් දෙක සමගම අපි බොහෝ යහපත් සබඳතා පවත්වනවා. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධව ඉන්දියාව විශේෂිත අයිතියක් බලාපොරොත්තු නොවිය යුතුයි.” යැයි රජීව් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

One Response to ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට විශේෂිත අයිතියක් නැහැ

  1. නිලමේ

    ane ammapaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *