ඩොලරයේ අගය වැඩිවීම, රුපියල අව ප්රමාණ වීම හා ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරිපිටි ආනයනය, නිෂ්පාදනය හා බෙදා හැරීමට අධික පිරිවැයක් වැයවන බව දක්වමින් කිරිපිටි මිල සංශෝධනයක් කළයුතු බවට කිරිපිටි සමාගම් කිහිපයක් විසින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
2012 අයවැයේ දි රජය විසින් රුපියල අවප්රමාණ කිරීම, ඩොලර් සහ රුපියලේ හුවමාරු අගය වැඩිවීම මෙන්ම ඉන්ධන මිල ඉහළ යාම ද තම කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇති බව පවසන මෙම සමාගම් වල ඉල්ලීමට අනුව කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තවම තීරණයක් ගෙන නොමැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
- සිංහලයා පුවත්
Shortlink: