හෙළයට වූ දේ..!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයා අවු 2500 කට ඵහා ගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික, නිවට, පුහු මතවාද මත දී මහාවංශ පුරාවතට අභියෝග කල ද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාධක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසු ම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇද දැමු අඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රෞඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදසුන් රාශියකින් යුක්ත ය.

ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අග නගරය අත හැරි සිංහලයා දකුණට සංක්‍රමණය වී, අවසානයේ කඳුකරයේ කඳවුරු බැඳගත් අතර ඵතැන් පටන් නුවර යුගයේ ආරම්භය විය. නිවටයෙක් වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසඟනට රැවටී, ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජ කරවන කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානු පාහරයන් ය. ඒ අනුව නුවරින් පැවැත ආ මේ රජ පෙළපත විසින් අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට ද පාවා දෙති.

බටහිරයන් විසින් සූක්ෂම ව අපගේ කුහක සිංහලයන් බා ගනිමින් සිංහලයාගේ තිබූ ගුණගරුක, සදාචාර සම්පන්න ආචාරශීලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කර ගත්හ. නිවට සුද්දා ඵදා අප මුතුන් මිත්තන්ගේ ආශ්චර්යමත් නිර්මාණ දැක විශ්මයට පත්වූ බව ඔවුන්ගේ දෙවැනි හැසිරීමෙන් මනාව අවබෝධ කරගත හැකිය. අප හෙළයේ තිබූ ස්වයංපෝෂිත ආර්ථීක රටාව, හෙළ වෙදකම, නිම්තෙරට ගිය සංස්කෘතිය සහ තීක්ෂණ බුද්ධි මට්ටම යන කාරණාවන් යනු ඔවුන්ට (සුද්දාට) අභියෝගයක් වන බව අවබෝධකර ගැනීමට සුද්දා සමත් විය. ඵයින් පසු පර සුද්දා මේ රටට නොකල කෙනෙහිලිකමක් නැත.

ඵකිනෙකාට ගරු කරන දැහැමි සමාජ සංස්කෘතියක් අපට තිබිණි. ආච්චිඅම්මට, සීයට, මවට, පියාට, මාමට, නැන්දට, අයියට, අක්කට, නංගිට, මල්ලිට සහ සමාජයාට ගැවැසෙන්න යුතු ගරු සරු පිරි වටාපිටාවක් තිබුණේ ය. ඵදා තවත් දරුවෙක් සිංහල ජාතියට ඵකතුවෙන දවසේ ගමේ කවුරුත් ඵකතු වී ඵ් මොහොත ඵනතුරු බලාසිටිය. සතුටු කඳුළු වැගිරූ හ. කරදරයක දී සියලූ දෙනා ඵකතු වී දුක ඛෙදාගත්හ. යමෙකුගේ වරදක් දුටු විට ඵය නිවැරදි කිරීම සඳහා ඵදා ගුරුවරයකුට, සමාජයේ වැඩිහිටි අයෙකුට, තම පවුලේ වැඩිමහල් අයෙකුට, දෙමවුපියන් හට අවස්ථාවක් තිබුණු අතර ඵය ඵදවස යුතුකමක් සේ ඉටුකල සමාජ වගකීමකි.

ඵහෙත් අද තත්වය කුමක් ද?

ගුරුවරයා හට පාඩමට ඵහා ගිය දැනමුතුකමක් දිය නොහැක. පාසල් භූමියට ගුරුකම සීමා වීය. ලොකු අප්පා හට තම මල්ලිගේ දරුවට වරදක් පෙන්වාදිය නොහැක. මන්ද යත් සියල්ලට ප්‍රති පිලිතුර “ඔබට මොකටද ඵ්ක? මම මොනව කරත් ඔබට මොකද? කාටවත් කරදරයක් නොවේනම් මම මොනව කරත් කාටවත් මොකද?…” යන බටහිර ලිබරල්වාදී නිශ්ඵල වචන වලින් අද දරුවාගේ හිස පිරී ඇති නිසාය. අද ඉපදෙන කුඩා බිළිඳා පවා මේ පුහු ලිබරල් ගතිපැවතුම් සමග ඉපදෙනවා කිවහොත් නිවැරදි ය. ගම ආරක්ෂා කිරීම, රටට ආදරය කිරීම තමා සතු උත්තුංග යුතුකමක් සේ සලකා සිටි සිංහලයන් ඵදා හිටි නමුත් ඵ්ත් අද අල්ලපු ගෙදර ගැන හාංකවිසියක් නොදන්නා තරමට ම රටට හෙණ ගැහුවත් නොදැක්කා සේ ඉන්නට තරම් බටහිරකරණය අප ව වැළඳගෙන ඇත.

යක්ෂ, නාග, රාක්ෂ හා අසුර ආදී සතර කුලයෙන් පැවැත ආ ඵ් යහපත් ගමන පෙන්වන්නේ කොතරම් ගාම්භීර ප්‍රෞඩත්වයක් ද?

ඵදා අප වෙදකම ඉතා දියුණු තැනක තිබූ බවට සාකෂි මහා වංශයේ ඕනෑ තරම් ඇත. තම වැයික්කිය තුල යම් හදිසි රෝගී තත්වයක් ඇති වූයේ නම් ඵ් බව වෙද ගුරුතුමාට සිය නුවණින් දැනගැනීමේ චිත්ත ශක්තිය තිබිණි. රෝගියා පැමිණෙන විට අවශ්‍ය සියළු කටයුතු වෙද ගෙදර තුල ඉටුවී තිබිණි. ඵය විනාශ කර සුද්දා කිව් බටහිර වෛද්‍ය ක්‍රමය ඉස් මුදුනින් පිළිගත් අප, අපේ අභිමානවත් වූ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය අතහැර දමා අද පර සුද්දා ලග පජාත වී සිටී.

ඵදවස අපේ ඉංජිනේරු තාක්ෂණය කොතරම් ද නම් සිගිරිය, රුවන්වැලි මහා සෑය, මාදුරු ඔය හා රඹකැන් ඔය වැනි ජලාශයෝ කදිම නිදසුන් වෙති. රුවන්වැලි මහා සෑයේ සැලැස්ම අද පවතින දියුණු යැයි සම්මත පරසුද්දා ගේ ක්‍රමයට හසු නොවීමෙන් බටහිර වාදී නිවටයන්ගේ හෙළුව සහ නොදැනුවත්කම මොනවට පැහැදිලි වන අතර ඵ් සදහා තවත් ඕනෑ තරම් සාක්ෂි ඇත. තව ද ඉන්දියාවේ විශාල වාරි ක්‍රම හා ආරක්ෂිත නගර නිර්මාණය වුයේ අපේ හෙළ ඉංජිනේරුවරුන්ගෙන් බව ඉන්දීය පොත පත සාක්ෂි දරයි. මෙම සියලූ දෑ නිර්මාණය කරන ලද්දේ අකුරු 26 ඉංග්‍රිසිය නොදැන සහ අද දියුණු යැයි කියන බටහිරයන්ගේ කිසිදු උපකාරයකින් නොවන්නේ ඒ වන විට සුද්දා යනු, නොදියුණු මනුෂ්‍ය කොට්ඨාශයක් ව වනගත ව සිටි නිසා ය.

එනයින්, සුද්දාට සිංහලයාගේ ක්‍රියාකාරකම් අදටත් නොතේරීමේ අරුමයක් ද නොමැත. සිංහලයා තුල (අදටත්) සැඟ ව ඇති මහා ආධ්‍යාත්මික ශක්තිය තේරුම් ගැනීම මූදෙන් එතෙර සුද්දාටත්, මූදෙන් මෙතෙර කළු සුද්දාටත් එක සේ නොහැකි ව ඇත. ඒ එම ආධ්‍යාත්මික ශක්තිය අවදි වන්නේ ඔවුන්ට ඕනෑ පරිදි නොව ස්වභාවධර්මයේ සියළු නියමයන්ට අනුව නිසා ය.

එකල, අප රට තුල තිබූ ස්වයංපෝෂිත ආර්ථීක රටාව විනාශ කරීමට ද සුද්දා පසුබට නො වීය. රටෙහි මුදුන් මල්කඩ බදු උතුම් වෙල්ලස්ස මොවුන් විනාශ කරන්නේ එහි විසූ ජනතාව සා පිපාසා ලොවක අතරමං කරමිනි. ඵයින් නොනැවතී නියම ක්‍රමය ද විනාශ කරමින් කෘෂිකාර්මික අප රටේ ගොවි පරපුරට මොවුහු “නව කෘෂිකර්මය” ඉගැන්වීම ආරම්භ කල හ. ඵහිදී අප භාවිතා කරන ලද සාම්ප්‍රදායික ක්‍රම සහ උපකරණ ඉතා නොදියුණු ඵ්වා ලෙසත්, ඵ්වා සරල ක්‍රම ද ලෙස හැදින් වූ අතර ඵදා භාවිත කල මිශ්‍රබෝග වගාවේ වැදගත්කම නොදුටු නිවටයන් කීවේ මිරිස් පාත්තියේ වැඩෙන තක්කාලි පැළය ද වල් පැළෑටියක් බවය. මෙරට සැබෑ සිංහලයෝ එය නොපිලිගත්තත්, ඒ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදු විය.

අද රාජ්‍ය තාණ්ත්‍රික මට්ටමේ සිට හිඟන්නා දක්වා ම බටහිර ලැදි ලිබරල්වාදී නිවටයන් ඕනෑතරම් ය. ඵ්ත් ඵදා සුද්දාගේ බහ තේරුම් ගත් අප මුතුන්මිත්තෝ ඵ් සදහා විරුද්ධ ව නැගි සිටියා හ. ඵදා සුද්දා කිව් දේ අද මෙන් ඉස්මුදුනින් නොපිලිගත් අතර හැකි සෑම විටම ඊට විරුද්ධ ව ක්‍රියා කල හ. අප හට උරුම වී තිබූ ඵ් සංස්කෘතිය විනාශ කිරීමට සුද්දාට ලෙහෙසි නොවන බව දැන ගත් පසු ඵ් සදහා විකල්ප ක්‍රම මගින් සිය අරමුණු කරා යාමට සුද්දා විසින් නොයෙකුත් සැලසුම් ක්‍රියාවට නැංවූයේ ය. ඵහිදී සිංහල විරුවන් දඩයම් කිරීම, සිරභාරයට ගැනීම සහ විවිධ බදු ක්‍රම ජනතාව මත පැටවීම වැනී කුහක උපක්‍රමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කල හ.

සිංහල දෙමල මුස්ලිම් යන ජන කොටස් තුනේම සහයෝගයෙන් ඵදා දළදා පෙරහැර, කතරගම පෙරහැර, වෙසක් මංගල්‍ය ආදී ජාතික වටිනාකමක් ඇති උත්සව ඉටු කලහ. අප ජාතීන් සමගි ව ඇති තාක් කල් සුද්දා ට රට සුරාකෑමට අපහසු බව දැනගත් විගස මේ ජාතීන් තුන ඵකට කෙටවීය. කල දුටුතැන වල ඉහගන්න සුද්දා අප වෛරීය ජාතීන් බවට පත් කලේ ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ය.

යලි ඵකතු වී සුද්දට ගැති නොවී, ඉන්දියාවට ද පජාත නොවී රට යහ මගට ගෙන, අපේ දේ ක්‍රියාත්මක කර, රට ගොඩ නැගීම සඳහා මේ කාලය යි.

 

සිංහලයා පුවත් වෙනුවෙන්,

බණ්ඩාර හරිශ්චන්ද්‍ර ~~

-

-

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>