වසර 2009 සිට අක්‍රීයව තිබූ ජාතික පොලිස් කොමිසම නැවත සක්‍රීය කිරීම සඳහා පාර්ලිමේන්තු කවුන්සිලයේ අනුමැතිය ලැබී තිබේ. හිටපු විදේශ තානාපතිවරයෙකු වන සේනක වල්ගම්පාය මහතා විසින් සභාපතිත්වය උසුලන මෙම සත් පුද්ගල කොමිසමේ සෙසු සාමාජිකයින් නම්, ගරු ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු ව ඩී.දසනායක, චාමිනි මදුරසිංහ, ආර්. සිවරාමන්, එම්.එම්.එම්. මවුජූඩ් සහ ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති නිව්ටන් ගුණරත්න යන මහත්ම මහත්මීහු ද වෙති.
වසර 2002 දී, 17 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික පොලිස් කොමිසම පත් කෙරුණු අතර, 2009 දී අක්‍රීය වූයේ, එහි හිටපු සාමාජිකයින්ගේ ධූර කාලය අවසන් වූවායින් පසුව නව සාමාජිකයින් පත් නොකෙරුණු හෙයිනි.
කිසියම් පොලිස් නිලධාරියෙකු හෝ පොලිස් සේවය පිළිබඳ සම්බන්ධ ව ඇති මහජන පැමිණිලි විභාග කිරීම සහ පොලිස් සේවය විධිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රමවේද සකස් කිරීම මෙන්ම, පොලිස් නිලධාරීන් පොලිස් සේවයට බඳවා ගැනීම, පුහුණුවීම් ඇතුළු පොලිස් සේවයට අදාල සියළු කරුණු කාරණා සොයා බැලීම ජාතික පොලිස් කොමිසමට පැවරී තිබේ.
ජාතික පොලිස් කොමිසම සක්‍රීය කිරීම, උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසම මගින් ද නිර්දේශ කර තිබූ අතර, පසුගියදා යුධ හමුදාපති ලුතිනන් ජනරාල ජගත් ජයසූරිය මහතාත්, මානුෂීය මෙහෙයුම අවසානයේ සිදුවූවා යැයි කියන සිවිල් ජනතා හානි සම්බන්ධ ව ආරක්ෂක අංශ වල සම්බන්ධයක් ඇත්දැයි විමර්ශනයට හමුදා විනිසුරු මඩුල්ලක් පත්කිරීමට පියවර ගෙන ඇත්තේත් සංහිඳියා කොමිසමේ නිර්දේශ වලට අනුව යි.
- සිංහලයා පුවත්
-
-
Shortlink: