ජනපති සිංගප්පූරුවට

පකිස්තාන සංචාරය නිම කර ශ්‍රී ලංකාවට ගොස් දින දෙකකට පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංගප්පුරුවේ සංචාරයක් සඳහා අද (14) සිංගප්පූරුවට පැමිණ තිබේ.

රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේ සංචාරයේදී සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියන් ලූන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. සිංගප්පූරුවේ සේවය කරන ශ්‍රී ලාංකික වෘත්තිකයින් ද හමුවීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරයි.

මේ සංචාරයට ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද රාජපක්ෂ මහතා සමඟ චංගී ගුවන් තොටුපළට පැමිණ සිටියාය.

සිංගප්පූරු සංචාරය කුමන කාරණයක් අරබයා සිදුකරන්නක් ද යන්න මේ වනතුරු මාධ්‍ය වෙත දැනුම් දී නැතත් ගිවිසුම්වලට ද එළැඹීමට නියමිත බව ශ්‍රී ලංකා රජයේ මාධ්‍ය වාර්තා කරයි.

සිංගප්පූරුවේ මෙරට ගෘහ සේවිකාවන් 15000කට වැඩි පිරිසක් සේවය කරන අතර ඔවුන් මුහුණ දෙන ගැටලු සඳහා නිසි විසඳුම් ලබාදීමට නිසි පියවර ගනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
 

එසේ ම සිංගප්පූරුවේ මෙරට කම්කරුවන් සඳහා වීසා ලබාදීමක් සිදු නොවන අතර බොහෝ අය වීසා නොමැති ව හොර රහසේ සේවය කරන්නේ ඉහළ දෛනික වැටුපක් ලැබෙන බැවිනි. එසේ සේවය කරන අයට අමතර ව සිංගප්පූරුවේ රැකියා දෙන බව කියා එහි රැගෙන ගොස් අතරමං කර ඇති අය ද දැඩි ආගමන විගමන නීති තිබෙන සිංගප්පූරුවේ දී අතීතයේ සිට ම විවිධ දඬුවම්වලට ලක් ව තිබේ. එසේ වීසා නොමැති ව ආපසු මෙරටට ඒමට හැකියාවක් ද නැති ව සිටින අයට සිංගප්පූරු රජයෙන් කිසියම් සහනයක් ලබා දීම සඳහා ද පවත්වනු ලබන සාකච්ඡාවල දී කටයුතු කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

එසේ ම වීසා කාලය ඉක්මවා හෝ එවැනි ආගමන නීති කඩකිරීම් නිසා සිංගප්පූරුවේ සිරගෙවල ද ශ්‍රී ලාංකිකයන් සිටි වාර අනන්තවත් තිබේ. මෙවැනි කාරණා පිළිබඳ ව මෙන් ම සිංගප්පූරුවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන්ට නිසි අවසරයක් ලැබෙන වැඩපිළිවෙළක් සකස්කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වනු ඇතැයි ද සිංගප්පූරුවේ සිටින ශ්‍රමිකයෝ අපේක්ෂා කරති.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *