මාලදිවයිනේ හිටපු ජනපති මොහමඩ් නෂීඩ් මහතාගේ බිරිඳ ලයිලා නෂීඩ්ට හා දරුවන්ට රැකවරණය ලබා දුන්නත් එරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
කොළඹ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (පෙබරවාරි 10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවසීය.
හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති මොහොමඩ් වහීඩ්ගෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇතැයි ද යාපා මහතා පැවසීය.
අද කැබිනට් තීරණ දැනුම් දුන්නේ වැඩබලන ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යවරයා ලෙස පරිසර අමාත්‍ය යාපා මහතා ය. ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෞද්ගලික සංචාරයකට ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර අනතුරකට පත් ව ශල්‍යකර්ම කිහිපයකට ද ලක් ව එරට රෝහලක සිටී.
- සිංහලයා පුවත්
Shortlink: