කුණු රසට ඉඩ නැති, TV කෑලි නැති,
කියන කතා නැති,
කාමය සහ ප්‍රචණ්ඩත්වයට තැනක් නැති,
ජාතික මට්ටමේ පුවත් සහ හරවත් ලිපි වෙනුවෙන් ම වෙන් වූ,
සිංහලයා පුවත්!
- 2002 සිට මේ දක්වා සයිබර් මාධ්‍යමය පරිණතබව..
මාලදිවයිනේ හිටපු ජනපති මොහමඩ් නෂීඩ් මහතාගේ බිරිඳ ලයිලා නෂීඩ්ට හා දරුවන්ට රැකවරණය ලබා දුන්නත් එරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
කොළඹ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (පෙබරවාරි 10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවසීය.
හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති මොහොමඩ් වහීඩ්ගෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇතැයි ද යාපා මහතා පැවසීය.
අද කැබිනට් තීරණ දැනුම් දුන්නේ වැඩබලන ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යවරයා ලෙස පරිසර අමාත්‍ය යාපා මහතා ය. ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෞද්ගලික සංචාරයකට ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර අනතුරකට පත් ව ශල්‍යකර්ම කිහිපයකට ද ලක් ව එරට රෝහලක සිටී.
– සිංහලයා පුවත්
Shortlink:
![]() |
||
![]() |
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විනය පාලක සහ විනය ආරක්ෂක නිලධාරීන් විසින් එම විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය…
December 10, 2016 / 2 Comments / Read Moreඋතුරු දකුණු "සංහිඳියාව" වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන්…
December 7, 2016 / No Comment / Read More