ශ්‍රී ලාංකික කතක් රියාද් බන්ධනාගාරයක දී සිය දිවි නසා ගනී

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මරණයක් ගැන සැකපිට අත්අඩංගුවට පත් ව රියාද් නුවර මලාස් කාන්තා බන්ධනාගාරයේ සිටි ශ්‍රී ලාංකික රැඳවියක් සිය දිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.

රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ බව දැනුම් දී ඇත්තේ සවුදි රජයේ බලධාරීන් විසිනි.

සියදිවි නසාගෙන ඇති තැනැත්තියගේ මෘතදේහය හඳුනාගැනීමට කිසිදු ඥාතියෙකු මෙතෙක් ඉදිරිපත් වී නැති අතර ඇගේ ඡායාරූපයක් විදේශ කටයුතු අමාත්‍යංශය මඟින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

මේ සමඟ ඇත්තේ ඇගේ ඡායාරූප වන අතර ඇය ගැන දැනට තිබෙන තොරතුරු අනුව ඇගේ නම ඉන්දිකා බන්ඩාර උඩපිටිය වේ. 1979 මැයි 05 වැනි දින උපන් ඇයගේ ලිපිනය ලෙස අංක 117බී, මාකන්දන, මඩපාත, පිළියන්දල දැක් වේ.

මේ තැනැත්තිය ගැන තොරතුරක් දන්නේ නම්; විදේශ කටයුතු අමාත්‍යංශය, කොන්සියුලර් අංශය නො. 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 ලිපිනයට හෝ දූරකතන අංක 0112 2437635 හෝ 0112 4718972ට දැනුම් දිය හැකිය. ෆැක්ස් අංකය: 0112 4733899 නැතිනම් විද්‍යුත් තැපෑල: consular@slnet.lk ලිපිනයට ද තොරතුරු එවිය හැකි බව විදේශ අමාත්‍යංශය පවසයි.

- සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>