අබුඩාබි හී ශ්‍රී ලාංකිකයින්ට අධ්‍යයන මධ්‍යස්ථානයක්..

අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි දැනුම නොමිලයේ ලබාදීමට අධ්‍යයන මධ්‍යස්ථානයක් නුදුරේ දීම පිහිටුවීමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන සරත් විජේසිංහ මහතා විසින් මේ බව අරාබි මාධ්‍ය වෙත පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ 64වන නිදහස් දින සමරුව ඊයේ (4 වනදා) තානාපති කාර්යාලයේ දී පැවැත්වූ අවස්ථාවේ දියි.

අබුඩාබි හී වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හැකියාවන් වර්ධනය කිරීම පිණිස පිහිටුවන මේ මධ්‍යස්ථානයේ පාලනය තානාපති කාර්යාල සේවකයින් හා ස්වේච්ඡා නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු ශ්‍රී ලංකාව තුල බොහෝ ආයෝජන සිදුකරන රටක් වන අතර, රැකියා හෝ වෙනත් අවශ්‍යතාවන් සඳහා ගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්නයි.

 

– සිංහලයා පුවත්

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *