ශ‍්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් ඕමානයෙන්

ඉරානය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා සම්බාධක පැනවීමෙන් ශ්‍රී ලංකාවට ඉරානයෙන් සැපයෙන බොර තෙල් ඉදිරියේ දී ලබාගත නොහැකිවේදැ? යි අවදානමක් මේ වනවිට මතු ව තිබෙන අතර එවන් අවස්ථාවක දී ඕමානයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් ලබාගත හැකි බවට සහතිකයක් ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ මේ දිනවල සංචාරයක නිරත ව සිටින ඕමාන් රජයේ තෙල් හා ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහමඩ් බින් හමාඩ් අල් රූමි මහතා මේ පිළිබඳ ව ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා වෙත සිය අදහස් දක්වා ඇත.

අන්තර්ජාතික වශයෙන් මතු ව තිබෙන තත්ත්වයන් යටතේ අවශ්‍යතාවක් ඇති වුවහොත් පිරිපහදු කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් ලබා දීමට ඛනිජතෙල් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දී ඕමාන් අමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව බාධාවකින් තොර ව ඛනිජ තෙල් ශ‍්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.

ඒ සම්බන්ධ ගනුදෙනු ගැන සාකච්ඡාවක් සඳහා ඉදිරි සති කිහිපය තුළ දී ශ‍්‍රී ලංකාවෙන් නිලධාරීන් කණ්ඩායමක්  ඕමානයට යැවීමටත්  ඕමාන් නිලධාරීන් කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට පැමිණීමටත් සාකච්ඡාවල දී එකඟ වී තිබේ.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *