A/L ප්‍රතිඵල අවලංගු කරන්නැයි ඉල්ලා පෙත්සමක් අධිකරණයට

2011/12 අධ්‍යයන වසරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා රජය අයදුම්පත් කැඳවීම ඊයේ (29) සිට ආරම්භ කර ඇතත් අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සමින් විභාග කොමසාරිස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ආර්.ඕ. තටිල් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

විභාග අපේක්ෂකයින් 17 දෙනෙකු සහ ලංකා ගුරු සංගමය හා එහි සාමාජිකයන් පෙත්සම්කරුවන් ලෙස පෙනී සිටී.

ප්‍රකාශිත විභාග ප්‍රතිඵලයේ වැරදි රාශියක් ඇති බවත්, එම නිසා එය නීත්‍යනුකූල නොවන බවත්, පැරණි විෂ්‍ය නිර්දේශයට හා නව විෂය නිර්දේශයට අදාළ ව ඉසෙඩ් ස්කෝර් ලකුණු වෙන් වෙන් ව නිකුත් කළ යුතු බවත්, දිස්ත්‍රික් කුසලතා ශ්‍රේණිගත කිරීමේ දී වැරදිම් සිදුවී ඇති බවත්, විභාග අපේක්ෂකයින් රැසකට වැරදි ප්‍රතිඵල ලැබී ඇති බවත් එම පෙත්සමින් පවසා ඇත.

මේ පෙත්සම විභාගකර තීන්දුවක් දෙන තෙක් 2011 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අත්හිටුවන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටී.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *