“ජෙෆ් මාෂ් ව අයින් කල ආකාරය හරිම කැතයි..” – අර්ජුන

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කල ඕස්ට්‍රේලියානු ජාතික ජෙෆ් මාෂ් මහතා ව එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කල ආකාරය ඉතාමත් නින්දිත සහ අවෘත්තීය බව හිටපු ක්‍රිකට් නායක මෙන්ම වත්මන් පා.ම. අර්ජුන රණතුංග මහතා විසින් චෝදනා කර සිටියේ ය.

එසේම, අනාගතයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වැඩ කිරීමට බලාපොරොත්තු වන දෙස් විදෙස් වෘත්තිකයින් ට මෙම සිදුවීම මගින් සෘණාත්මක බලපෑමක් සිදු නොවීම වැලැක්විය හැක්කක් නොවන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ම එම පණිවිඩය ලොවට දී ඇතැයි ද හෙතෙම තවදුරටත් පවසා සිටියේ ය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් වැඩ භාර ගත් ජෙෆ් මාෂ් මහතාගේ කොන්ත්‍රාත්තුව අවසන් වන්නේ ශ්‍රී ලංකා පිලේ අසාර්ථක දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු ව ය.

මේ අතර, දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ෆෝඩ් මහතා ශ්‍රී ලංකා පිලේ නව පුහුණුකරු වශයෙන්, එලැඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය මෙහෙයවනු ඇත.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

4 Responses to “ජෙෆ් මාෂ් ව අයින් කල ආකාරය හරිම කැතයි..” – අර්ජුන

  1. ඒක තමයි … මාෂ් ට විතරක් නෙමෙයි WHAT MORE WHAT MORE කිය කියා මීට ඉස්සෙල්ලත් වෘත්තීය මට්ටමින් ඇරපු කාලයකුත් තිබ්බ

  2. අර්ජුන, ක්‍රිකට් වලදි හොද නයකයෙක්, නමුත් දේශපාලකයෙක් විදිහට බංකොලොත් ඔය කතාවත් ක්‍රිකට් නයකයෙක් විදිහට නෙවේ දෙශපාලකයෙක් විදිහට කියපු එකක්. ඒනිසා ඒගෑන කලබලවියයුතුනෑ. රටම දන්නව එයා SLC chairmaan කාලෙ මොනවද කලේ කියලා.

  3. ETHERA WESENA SRI LANKIKAYEK.

    meyage katin wadagath kathawak kiyawennema nahe. kata ariyoth palathama ganda gassawanawa.

  4. me thawath fonseka pinguththarayek ne eyat hondai Roshan , Gurusinghe elwanna kisima kethak nathiuwa anith aya karana okkoma honda nehe Crickt pythagaras

Leave a Reply

Your email address will not be published. Required fields are marked *